Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ලක්ෂ 62ක ජන වරම අමතකද? දුමින්ද බූකීකාරයාගේ රෙදි ගලවයි! (Exclusive)



කෘෂිකර්ම අමාත්‍ය, නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා රාජපක්ෂ කල්ලිය සමඟ නිර්මාණය වන කිසිදු දේශපාලන සංධානයකට තමන්ගේ කිසිදු සහායක් හිමි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී ඇතැයි වාර්තා වී තිබේ. 

ජනවාරි 8 ජනතාව ලබාදුන් ජනවරමට ගරු කරමින් ජාතික ආණ්ඩුව  තුල අවශ්‍ය වෙනස් කම් සිදුකොට ඉදිරියට ගමන් කරනවා මිස රාජපක්ෂ කල්ලිය සමඟ තමන්ට කිසිදු දේශපාලන ගණුදෙනුවක් නැති බවත්, හෘදය සාක්ෂියට එකඟව කටයුතු කල නොහැකි නම් තමන් ඉල්ලා අස්වී දේශපාලනයෙන් සමුගෙන නිවසට වී සිටින බවත් ඔහු ප්‍රකාශ කර ඇත. 

තිලංග සුමතිපාල, සුසිල් ප්‍රේමජයන්ත ඇතුලු රාජපක්ෂ කල්ලි සහායකයින්ට අද පැවති නිදහස් පක්ෂ කණ්ඩායම් රැස්වීමකදී ඉතා දැඩිව කරුණු පැහැදිලි කර ඇති දුමින්ද, මේ සියලු තනතුරු හිමිවූයේ රාජපක්ෂ විරෝධී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් බව ප්‍රකාශ කර ඇත. 

පසුගිය සමය පුරාම ජාතික ආණ්ඩුව තුල අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් ඉදිරියට යා යුතුය යන මතයේ සිටි දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඒ අරමුණ වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කරමින් සිටියි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply