Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රේස්බුකී තිලංග ලක්ෂ 62ක ජනවරම උගස් කර කෙලින සූදුව මෙන්න (Exclusive)



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කල බව එම පක්ෂයේ පා.ම නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. 

නමුත් යහපාලන රජය බිඳ  වැටීමට සලස්වා  රාජපක්ෂ කල්ලිය සමඟ ආණ්ඩු බලය හුවමාරු කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු අවශ්‍යතාවයක් නැති බව ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

මාධ්‍ය මගින් සහ කලින් කලට විවිධ මැති ඇමතිවරුන් නිකුත් කරන ප්‍රකාශ සහ ජනාධිපතිවරයාගේ සැබෑ අභිලාශය අතර බරපතළ වෙනසක් ඇතැයි අනාවරණය වී තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැනි දැඩි රාජපක්ෂ හිතවාදී කල්ලියක් විසින් ජනාධිපතිවරයාව ජනවාරි 8 ජනවරමට පිටුපා රාජපක්ෂවරු සමඟ සහයෝගී දේශපාලන ගමනක නියැලිය යුතු බවට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියි. 

මේ අතරින් කූප්‍රකට රේස්බුකී හිමිකරු තිලංග සුමතිපාල විසින් යහපාලන රජය බිඳ දමා රාජපක්ෂවරුන්ගේ නඩු කටයුතු ඉවත් කරවීමට සමත් නව ආණ්ඩුවක් බිහිකිරීමට දැඩි ආයාසයකින් කටයුතු කරමින් සිටියි.

පසුගිය ජන්දයෙන් ලද ප්‍රතිපලය අනුව රටේ පාලන බලය 2020 වන විට අනිවාර්‍යයෙන්ම රාජපක්ෂවරු අතට යන බවට මෙම මැති ඇමතිවරුන්ගේ මතය වී ඇති අතර ඒ නිසා ඉතා ඉක්මනින් රාජපක්ෂවරු සමඟ එක්ව  ආන්ඩුකල යුතුය යන්න ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. එසේ නොවුනහොත් තමන් ස්ථිර වශයෙන්ම රාජපක්ෂවරු සමඟ එක්වන බවට ඔවුන් ප්‍රකාශ කර ඇත. 

පසුගිය පළාත් පාලන ජන්දයේදී ලබාදී ඇති ජනතා තීන්දුව අනුව ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුල දැවැන්ත ප්‍රතිසංස්කරණ සිදුකරමින් යහපාලන රජය ඉදිරියට ගෙන යා යුතුය යන මතයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිදහස් පක්ෂ මහලේඛම් දුමින්ද දිසානායක යන මහත්වරුන් දැඩිව සිටින බව වාර්තා වී ඇත. 

අමාත්‍ය දුමින්ද දිසානායක නුදුරේදීම එජාපය සමඟ සම්බන්ධ වීමට නියමිත බවට වූ බොරු ප්‍රචාරයද රාජපක්ෂ හිතවාදී කල්ලිය විසින් නිර්මාණය කරන ලද්දක් බවට තොරතුරු ලැබී තිබේ.


තමන්ට වඩා වැදගත් වන්නේ පසුගිය වසර තුනේදී සිදුවූ අඩුපාඩු නිවැරදි කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් පක්ෂය අතර හවුල් ආණ්ඩුව තවත් ශක්තිමත් කරගනිමින් ලක්ෂ 62ක ජනවරම ප්‍රකාරව කටයුතු කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඔහු හා සාකච්ජා කිරීමට පැමිණි සියලූම දෙනාට දැනුම් දී තිබේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය හා එක්ව පිහිටුවන ආණ්ඩුවකට කිසිම සහයක් ලබා දීමට බලාපොරොත්තු නොවන බව නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසා සිටිනවා. මැතිවරණයෙන් මැතිවරණයට ආණ්ඩු වෙනස් කිරීමට ක්‍රියාකරන්නේ නම් පළාත් සභා, පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ වශයෙන් මැතිවරණ පැවැත්වීමද අනවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයක් ආණ්ඩුවක් වෙනස් කිරීමට කිසිසේත්ම අදාළ කර නොගත යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.

අද(19) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්‍යාලයේදී පැවති අතර එම සාකච්ජාවෙන් පසුව පිටතට පැමිණි අමාත්‍ය එස් බී දිසානායක මහතාද ප්‍රකාශ කලේ ආණ්ඩුවේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකලද යහපාලන ආණ්ඩුව  වෙනුවට වෙනත් ආණ්ඩුවක් බිහි නොවනු බව ස්ථීර වශයෙන්ම පැවසිය හැකි බවයි. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply