Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » 5% නැත්නම් ඇපත් නෑ

feature-top
පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස ඡන්ද ප්‍රතිඵලයෙන් මෙන්ම පළාත් පාලන ආයතනයේ ප්‍රතිඵලයෙන් 5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලයෙන් 5%කට වඩා ඡන්ද නොගත් අපේක්ෂකයන්ගේ ඇප මුදල් රාජසන්තක වන අතර මුළු ආයතනයේ ප්‍රතිඵලයෙන් 5%ක් නොගත් පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල සමානුපාතික ලැයිස්තුවේ සිටින අපේක්ෂකයන්ගේ ඇප මුදල් ද රාජසන්තක වන බව පැවසේ.

ඇප මුදල් අහිමි වන අපේක්ෂකයන් අතර සමානුපාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරුන්ද සිටින බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඇප මුදල් රාජසන්තක වන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ගේ නාම ‍ලේඛන හා මුදල් ප්‍රමාණය මේ වන විට සකස් කරමින් සිටිනා බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.

පළාත් පාලන මැතිවරණ නව සංශෝධනයේදී 5% වඩා ඡන්ද ලබා නොගන්නා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට ද මන්ත්‍රී ධුර අහිමි වීමේ වගන්තිය ඉවත් කර තිබේ.

දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුට රුපියල් 1,500ක ඇප මුදලක්ද ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු රුපියල් 2500ක ඇප මුදලක් ද මැතිවරණය වෙනුවෙන් තැන්පත් කර තිබුණි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply