Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » 28 දා පැය 12ක ජල කප්පාදුවක්


අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ලබන 28 වනදා දින පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පවසයි.

එදින පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ කැළණිය, වත්තල, බියගම, මහර, සහ ජා ඇළ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත්, පෑලියගොඩ, වත්තල,ජා ඇල සහ  කටුනායක - සීදූව යන නගර සභා  බල ප්‍රදේශ සඳහාත් ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතර දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් දෙකටන,නාමළුව,මල්වාන, කළුකොදයාව,දෝම්පේ යන ප්‍රදේශවලටත්, ගම්පහ ප්‍රාදේශීය සභාවට අයත් ඉහළ යාගොඩ, පහල යාගොඩ, පියරත්න මාවත, වැලිවේරිය, රතුපස්වල සහ බියගම ආයෝජන කාලාපය යන ප්‍රදේශ සඳහාත් අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply