Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ලංකාවේ පිරිමි ලක්ෂ 25ක් සමලිංගිකයි..!



ලිංගාශ්‍රිත රෝග වලට ගොදුරු වූ ලංකාවේ වැඩිම පිරිස වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණ පිරිමි පුද්ගලයන්. රට පුරා ගණිකා වෘත්තියේ දැනට නියෑලෙන කාන්තාවන් 45,000 ක්‌ සිටිනවා.
 
ඔවුන් දිනකට පිරිමි පුද්ගලයන් ලක්‍ෂ 03 කට පමණ සේවය සපයනවා" යෑයි කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්. ඒ. සී. ඩබ්ලිව්. හතුරුසිංහ මහතා පවසනවා.

එච්. අයි. වී. ආසාදිතයන් බහුලව වාර්තාවන දෙවැනි පළාත හැටියට පසුගිය සමයේ වයඹ පළාත නම්කර තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්‌ වී තිබෙනවා. දැනට හඳුනාගත් එච්. අයි. වී ආසාදිතයන් 2600 කට අධික පිරිසක්‌ සිටිනවා. මේ වනවිට අප රටේ සමලිංගික සේවයේ යෙදෙන ලාංකිකයන් ගණන ලක්‍ෂ 25 ක්‌ පමණ වෙනවා. වැඩි වශයෙන් වයස අවුරුදු 15 ත් 25 ත් අතර පිරිමි අය ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුවී සිටිනවා. එම වයස්‌ කාණ්‌ඩවල පිරිස ඉලක්‌ක කරගෙන දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබෙනවා.
 
ඒඩ්ස්‌ රෝගය පිළිබඳ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්‌ඨාස 30 ක වෙසෙන ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. දැනට ජනතාව සහ ආරක්‍ෂක අංශ දැනුවත් කරනවා. පාසල් හා උපකාරක පන්ති යන දරුවන්ට දේශන පවත්වනවා. සායන පැවැත්වීම, අත්පත්‍රිකා, ස්‌ටිකර් බෙදාදීම සහ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම් කරමින් 2025 වර්ෂයේදී ඒඩ්ස්‌වලින් තොර ශ්‍රී ලංකාවක්‌ ඇති කිරිම සඳහා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් වැඩසටහන් ඉතා සාර්ථකව සිදුකරනවා..."

 දැනට පවත්වාගෙන යන වැඩසටහන්ද එක්‌ දිනකට පමණක්‌ සීමා නොකර ඉදිරියටත් පවත්වාගෙන යන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

- Hiru News

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply