Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඇස්‌තමේන්තුව ලක්‍ෂ 25ක්‌ - ජ' පුර සිසුහු ලක්‍ෂ 5න් වැඩේ කරලා


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ විද්‍යා අධ්‍යයන පීඨයේ සිසුන් විසින් මතුගම අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක්‌ වන බප/මතු/කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේ අබලන්ව තිබූ ගොඩනැඟිල්ලක්‌ අලුත්වැඩියා කර සිසු අයිතියට භාරදීම පසුගියදා සිදු කෙරිණි.
පහ වසර සිසුන් සඳහා පන්ති පැවැත්වූ ගොඩනැඟිල්ල ඉතාමත් අබලන් තත්ත්වයක පැවැති අතර එය අලුත්වැඩියාව සඳහා ඇස්‌තමේන්තු ගතකර තිබු මුදල ලක්‍ෂ විසිපහකි. එහෙත් එම ගොඩනැඟිල්ල අලුත්වැඩියාව දිනෙන් දින කල් යැම නිසා සිසු දරුවන් අපහසුතා මැද අධ්‍යාපන කටයුතු වල නිරත විණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ විද්‍යා අධ්‍යයන පීඨයේ "සෙත්සවිය" ව්‍යාපෘතියක්‌ ලෙස කළුපහන කනිටු විදුහලේ මෙම ගොඩනැඟිල්ල අලුත්වැඩියාව එම සිසුන් විසින් මීට මාස කිහිපයකට ඉහතදී තෝරා ගැනිණි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් විසින් දෙමාපියන්ගේ හා කළුපහන ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන්, සහයෝගයෙන් ලක්‍ෂ විසිපහක්‌ ඇස්‌තමේන්තු කර තිබූ මෙම ගොඩනැඟිල්ලේ අලුත්වැඩියාව රුපියල් ලක්‍ෂ පහකින් සිදුකර තිබුණි.
මෙහිදී සිසු දරුවන් ඇමතූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් කුමාරසිංහ මහතා, අද අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉහළ තනතුරුවලට පත්වුණේ ඔබලා තරම්වත් පහසුකම් සහිතව අධ්‍යාපනය ලබලා නොවෙයි. අප එදා ශිෂ්‍යයන් ලෙස කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවත් අධ්‍යාපනය සාර්ථකව සිදුකළ නිසායි, අද අපේ ජීවිත සාර්ථක තැනකට පත්ව තිබෙන්නේ. දුවේ පුතේ අප රටේ ඔබට ඉදිරියට යා හැකි හොඳම හා එකම මග සාර්ථකව අධ්‍යාපනය හැදෑරීමයි. දෙමාපියන්ගෙන්ද මේ අවස්‌ථාවේ මා ඉල්ලා සිටින්නේ කුමන ආකාරයේ කැප කිරීම් සිදු කර හෝ දරුවන්ට හැකි ඉහළම මට්‌ටමේ අධ්‍යාපනයක්‌ ලබාදීමට පහසුකම් සලසමින් අවකාශයන් ලබා දෙන ලෙසයි" යෑයි ද පැවැසීය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply