Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » වයස 18ට අඩුනම් අද සිට රූම් ගිහින් ඉවරයි...


අද කාලේ නව යොවුන් වියේ තරුණ තරුණියන් ආදරය සහ ආශාව පටලාගෙන ජීවිතයම අදුරු කරගන්නා අවස්ථා ඕනේ තරම් තියෙනවා
තරුණියකගේ උතුම් දායාදය වන පතිවත කෙළෙසෙන්නේ බොහෝමයක් නීති විරේධීව පවත්වාගෙන යන රූම් සර්විස් එහෙමත් නැත්නම් කුලියට කාමර පහසුකම් දෙන ස්ථාන වලදියි
අමතර පන්ති යන්න කියලා ගෙවල් වලින් එන නංගිලා මල්ලා ඇත්තටම නවතින්නේ මේ රූම් අස්සේ පස්සේ සමහරක් නංගිලා මල්ලිලාගේ ජීවිත ඉවර වෙන්නේ සියදිවි හානි කරගෙන නැත්නම් කුමක්ම හෝ හානියක් කරගෙන
ඉතින් රටේ නවයොවුන් විය මුහුණපා ඇති මේ ගැටලුවට විසදුමක් ගන්න අධාල ආයතන විසින් තීරණය කර තිබෙනවා
බාලවයස්‌කරුවන්ට ලැගුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය සියලුම ලැගුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටී
කාමර පහසුකම් ලබාදෙන ස්‌ථාන දිවයින පුරා දක්‌නට ලැබෙන අතර ඇතැම් ස්‌ථානවල බාලවයස්කාර දරුවරුන් ලිංගික කටයුතුවලට යොදා ගන්නා බවට විවිධ පුවත් වාර්තා වීම සුලභ සිදුවීමක් බවට පත්ව තිබේ
එම නිසා තමන් නවාතැන් පහසුකම් ලබාදෙන ස්ත්රී පුරුෂ දෙපාර්ශ්වයේම ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කර බැලීමට ලැගුම්හල් හිමියන් සිය අවධානය යොමුකළ යුතු බවට එම අධිකාරිය පවසනවා
මෙවැනි ලැඟුම්හල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ආරම්භ කර තිබෙන බව සදහන්
එමෙන්ම මෙලෙස බාලවයස්‌කරුවන්හට තාවකාලික නවාතැන් ලබා දෙන ලැගුම්හල් පිළිබඳව ළඟම ඇති පොලිස්‌ ස්‌ථානයට හෝ 1929 ශ්රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමාරක්ෂක අධිකාරිය දැනුවත් කරන්නැයිද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply