Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කෝටි 16ක කාර් එකක් ගෙනා ධම්මික පෙරේරාට අයත් මාතලේ ෆෙල්ස්පා පතලේ බොහෝ දෙනෙක් නොදන්නා කතාව (PHOTOS)


ලංකා සෙරමික් ආයතනයේ, මාතලේ ඕවල ෆෙල්ස්පා පතලේ සේවකයන්ට සිදු වන අසාධාරනයක් සම්බන්ධයෙන් එහි සේවයේ නිරත සහකාර නිෂ්පාදන කළමනාකරුවෙකු තම මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා. මෙම පතලේ සේවකයන්ට මූලික පහසුකම්වත් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ දිනෙන් දින රෝගාතුර වන මෙම සේවකයන්ගේ මුලික වැටුප රු.13500/= ක්. එය එදිනෙදා ජිවිතයේ අගහිඟකම් පියවා ගැනීමටවත් ප්‍රමාණවත් වන්නේ නෑ. මේ පිළිබඳව එහි සහකාර නිෂ්පාදන කළමනාකරු මෙසේ සඳහන් කර තිබෙනවා.
" 2017 අගෝස්තු 1 වෙනිදා ඉදන් තමා මම මාතලේ ඕවල ෆෙල්ස්පා පතලේ සහකාර නිෂ්පාදන කළමනාකරු විදියට පත්වුණේ. 2015 අගෝස්තු 03 ඉදන් අවුරුදු 2ක් කළුතර බෝල මැටි කම්හලේ විධායකවරයා විධියට වැඩ කලා.
මාතලේ ෆෙල්ස්පා පතල කියන්නේ පෝසිලෙන් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය ඛනිජයක් සපයන ලංකාවේ ලොකුම පතලක්, අවුරුදු 40කට වඩා පරණයි. ඔය පතලේ වැඩ කරනව සේවකයෝ 27-30 ත් අතර ප්‍රමාණයක්. ඒ මිනිස්සු උදේ 6 ඉදන් හවස 5 - 5.30 වෙනකම් ගිනිගහන අව්වේ බෝර විදිනවා, වෙඩි දානවා, කුළුගෙඩි වලින් ගල් කඩනවා.
අවුරුදු 30කට වැඩි සේවක කාලයක් තියෙන සේවකයෝ 20කට වඩා ඉන්නවා. දවසට තුන් වතාවක් බෝර විදිනවා. ලේන්සු වලින් මුණු වහගෙන. හරි හමන් ආරක්‍ෂිත උපාංග නැති නිසා. මේ මිනිස්සුන්ගේ මුලික වැටුප රු.13500/=. ඕටී, අනම් මනම් සේරම එක්ක පඩිය 17000ක් 18000ක් වගේ වෙන්නේ.
ඒ මිනිස්සුන්ටත් ඉන්නේ ඔය කම්හල් කළමනාකරුවන්ට, විධායක නිලධාරීන්ට වගේම අහිංසක ළමයි තමා. ඒ ළමයි බඩ පිරෙන්න බත්කටක් කනවට හොඳ ඇදුමක් ඇඳගෙන පාසල් යනවා දකින්න ඒ අහිංසක මිනිස්සුත් ආසයි. ඒ පතලේ වැඩ කරන අසරණ අහිංසක මිනිස්සු බහුතරයකට ගල් කුඩු නිසා පෙනහැලි රෝග. අවුරුදු 55න් විශ්‍රාම යන සේවකයන් අවුරුදු 2ක් 3ක් ජීවත් වෙලා ලෙඩ වෙනවා හෝ මිය යනවා. මේ මිනිස්සුන්ට සේෆ්ටි කියල කිසිම දෙයක් නැහැ. සාමාන්‍යධිකාරී, වගේම කලමනාකරවරුන්ට මේකේ කිසිම ගානක් නැහැ. මිනිස්සු මැරිලා හරි නිෂ්පාදනය එනවනම් එච්චරයි. හරි හමන් රක්ෂණ ආවරණයක්වත් මේ මිනිස්සුන්ට නැහැ.
මම ගිහින් මේ ගැන කියල එවකට හිටි විධායක නිලධාරිවරයාට ලිපියක් මගින් දැනුම් දීල ආරක්ෂක උපකරණ ගැන විමසපුවම කිව්වේ අවුරුද්දට වෙන් කල සල්ලි ඉවරයි කියල. යන්ත්‍ර සුත්‍ර වලට තෙල ගහන්න වෙන්කළ සල්ලි ඉවරයි කියල නිෂ්පාදනය නොනවත්වන මේ වගේ ආයතනයක ඒ කතාව විහිළුවක්, එහෙම නැත්නම් ඒ ලොක්කන්ට යන්ත්‍ර සුත්‍ර තරමට මිනිස්සු වටින්නේ නැහැ. ඒ දෙකෙන් කොයික වෙතත් අන්තිමේ මම කෑගහපු නිසාම ඒ මිනිස්සුන්ට බූට් සහ ග්ලවුස් එව්වා. නමුත් මාස්ක් අනම් මනම් කිසි දෙයක් නැහැ. ඒ සේවකයන් ඉල්ලීම් වගයක් ඉල්ලලා දීපු ලියුමක පින්තුරත් මම දැන් දානවා.
ලංකා සෙරමික් ආයතනය ධම්මික පෙරේරා මහතාට අයත් ආයතනයක් වන අතර මේ පිළිබඳව ඔහුගේ අවධානය යොමු වීමේ පරමාර්ථයෙන් මෙම සටහන තැබීමට පියවර ගත් බවයි සහකාර නිෂ්පාදන කළමනාකරු එහි වැඩිදුරටත් සඳහන් කරඇත්තේ...
 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply