‘අපි ගෙනාලු යහපාලනේ අපට වහපාලනයක් වෙන පාටක් පේන්න තියෙන්නෙ. කණගාටුයි කියන්න පලාත් සභාවේ ආපු පිංගුත්තරයෙක් මේ විදිහට හැසිරෙනව නම් මගේ ඇමතිකම ගනිං. මට ඇමතිකම අවශ්‍ය නෑ. මූව එලවන්න අපි පාරට බැහැල සටන් කරන්න ඔ්න’ යයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ බදුල්ලේදී පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන ජනහමුවක් අමතමිනි.
වත්මන් මහ ඇමතිවරයා විසින් ඌව පළාත් සභාව මහා ගන්දස්කාර ගද ගොඩක් කර ඇතැයිද ඇමති හරීන් ප්‍රනාන්දු බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී කීය.
ඌව මහ ඇමති පිංගුත්තරයෙක් බවත් ඔහු කඩුවෙන් කෑලි කෑලිවලට කපා දැමිය යුතු බවත් ඇමතිවරයා එහිදී කීය.
No comments: