Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සමූහ දූෂණය වූ දැරිය දහසක් දෙනෙත් හඬවා පස් යට සැඟව යයි (VIDEO)

කාමාතුරයන් පිරිසකගේ බිල්ලක් වී පසුව ගෙළ වැලලාගෙන මියගිය හිරුණි තක්‌ෂිලා දැරියගේ අවසන් කටයුතු ඊයේ සිදුකරනු ලැබුවා.
පසුගිය 09 වන දින රාත්‍රියේ තිස්‌සමහාරාම මාගම ප්‍රදේශයේදී මියගිය 14 හැවිරිදි හිරුණිකාගේ නිවස අසල සිටි ඇය සමග ප්‍රේම සබඳතාවක්‌ පැවැත් වූ බව කියන තරුණයකු තවත් දෙදෙනකු හා මත්පැන් පානය කර තිබෙනවා.
හිරුණිගේ නිවසේ අයද ඒ පිළිබඳව දැන සිට නැති බවත් පැවසෙනවා.
ඇති පදමට මදුවිත තොලගා සිටි මෙම තරුණයන් තිදෙනාගෙන් හිරුණිගේ පෙම්වතා බව කියන පුද්ගලයා හිරුණිගේ නිවස අසලට පැමිණ ඉගිබිගි පා කෙසේ හෝ හිරුණි නිවසින් එළියට ගෙන නිවසින් මදක්‌ එපිටට රැගෙන ගොස්‌ තිබුණා.
සිය පෙම්වතා පිළිබඳව සැක නොසිතූ ඇය ඔහු සමගින් එළියට ගොස් තිබෙනවා.
එසේ රැගෙන ගිය හිරුණිව කිසිදු හිතක්‌ පපුවක්‌ නැති මෙම කාමාතුරයන් තිදෙනාගේම ග්‍රහණයට හසු වී තිබෙන අතර හොඳ හැටි මදුවිත සප්පායම් වී සිටී මේ තිදෙනා මෙම දැරිය කෙළසා අලුයම වනවිට නැවත නිවසට ඇරලවා තිබෙනවා.
ඇය අවසන්වරට ලියූ ලිපියේ  “මම උන්ගෙන් බේරිලා එන්න උත්සාහ කළා. නමුත් බැරි වුණා” යැයි සඳහන් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ තරුණයන් තුන්දෙනා යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටියදී ප්‍රදේශවාසීන් විසින් පසුගිය 11 වනදා අලුයම අල්ලාගෙන පහර දී පොලිසියට බාර දුන්නා.
සිය දිවි හානි කර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියක් ද හමුවූ අතර, එහි අත්අඩංගුවට ගත් තරුණයන් තුන්දෙනා සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකාර පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයන් 18 හැවිරිදි සහ 20 හැවිරිදි වියේ පසුවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් තුන්දෙනා ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුනා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply