Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » දුමින්ද සල්ගාදු පිටිය ජන ගඟකින් පුරවයි..! ලංකාවේ බලවත්ම පක්ෂ ලේකම්ගේ ජන බලය මෙන්න... (PHOTOS)


අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ ජන හමුව අද (10) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කළ ජන හමු මාලාවේ පළමු ජන හමුව ලෙස ,නිදහසේ ජන හමුව, නමින් අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම ජන හමුව පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ, පොදුජන පෙරමුණේ සහ ජාතික නිදහස් පෙරමුණේ කි්‍රයාකාරින් රැසක් මෙන්ම ස්වාධීන කණ්ඩායම් නියෝජනය කළ අපේක්ෂකයින් ගණනාවක් මෙහිදී ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට  සහය පළ කරමින් වේදිකාවට පැමිණීයේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ පක්ෂයේ මැති ඇමතිවරු රැසක් මෙම ජන හමුවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතාගේ දිස්ත්‍රික්කය වන අනුරාධපුරය තුල  අන් කවරදාටත් වඩා ශක්තිමත් නිදහස් පක්ෂ ජන බලයක් මේ වනවිට ගොඩනැගී ඇත. 









«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply