Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ප්‍රසිද්ධ රග්බී ක්‍රීඩකයෙක් පීල් මත්පෙති තොගයක්‌ සමග අත්අඩංගුවට - සඟවා තිබූ මෝටර් රථය දිවයිනේ ප්‍රධාන හිමි නමකගේ....


අනුරාධපුර සුරාබදු ස්‌ථානාධිපති සුරාබදු පරීක්‍ෂක සී. එස්‌. සිරිමාන්න මහතාට ලැබුණු තොරතුරක්‌ මත එහි ගිය සුරාබදු නිලධාරීන් උපාය දූතයකු යොදවා මෙම පීල් නමැති මත් පෙති 05 ක්‌ මිලට ගැනීමෙන් පසු එම සැකකරු අල්ලා ප්‍රශ්න කිරීමේදී තවත් මත් පෙති 25 අති සුඛෝපභෝගී මෝටර් රථයක්‌ තුළ සඟවා තිබියදී සොයාගෙන ඇත. මෙම පෙත්තක්‌ රුපියල් තුන්දහස්‌ නවසීයකට අලෙවි කර ඇත. මෙම මත් පෙති සඟවා තිබූ මෝටර් රථය දිවයිනේ ප්‍රධාන පෙළේ හිමි නමක්‌ සතු මෝටර් රථයක්‌ බවත්, මෙම හෝටලය පවත්වාගෙන යන පුද්ගලයා මෙම හිමිනම ළඟ සේවය කරන කෙනෙකු බවත්, ඔහු දිවයිනේ ප්‍රධාන පෙළේ රගර් ක්‍රීඩකයකු බවත් මූලික පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන ඇත.
කැකිරාව නගරයේ රාත්‍රි හෝටලයක ඩී. ඡේ. පාටියක්‌ පැවැත්වෙන අතරතුර පුද්ගල මනස විකෘති කෙරෙන පීල් නමැති අන්තරායකර ඖෂධ පෙති 30 ක්‌ සමඟ නීත්‍යනුකූල බලපත්‍ර සීමාව ඉක්‌මවා අලෙවියට තබා බියර් බෝතල් 68 හා අරක්‌කු බෝතල් 08 ක්‌ සමඟින් සැකකරුවන් තිදෙනෙකු පෙරේදා (27 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සමත් වී ඇත.

මෙම මත්පෙති කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සමාජ ශාලාවල භාවිත වන අතර අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් මෙම මත් පෙති භාවිතය සම්බන්ධයෙන් වාර්තා වූ පළමු අවස්‌ථාව මෙය බව ද පැවසේ. මෙම පෙති භාවිත කිරීමෙන් පසු සම්පූර්ණයෙන් මනස විකෘති වන අතර තමන් ලැඡ්ජ භය පිළිබඳව කිසිදු දැනීමක්‌ නොමැති බව සුරාබදු කොමසාරිස්‌ කාර්යාලයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

එසේම සමාජ ශාලාවක තබාගත යුතු සීමාව ඉක්‌මවා බියර් බෝතල් 68 ක්‌ අරක්‌කු බෝතල් 08 සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. මෙදින මෙම හෝටලයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කර ප්‍රසංගාත්මක ඩීඡේ පාටියක්‌ පවත්වා ඇති අතර, මෙම පාටිය සංවිධානය කර ඇත්තේ ද ප්‍රධාන සැකකරු වන දිවයිනේ ප්‍රධාන පෙළේ රගර් ක්‍රීඩකයකු විසින් බව අනාවරණය කර ගෙන ඇත.

මෙම වැටලීමෙන් මත් පෙති මෝටර් රථය තුළ සඟවා තිබූ හෝටලය පවත්වාගෙන ගිය හා පාටිය සංවිධානය කළ රගර් ක්‍රීඩකයා, ඔහුගේ සොහොයුරා වූ අරක්‌කු බියර් අලෙවි කරමින් සිටි පුද්ගලයා සහ මත්පෙති බාහිර පිරිස්‌ වෙත අලෙවි කරමින් සිටි පුද්ගලයා ද අත්අඩංගුවට ගත් අතර, අත්අඩංගුවට පත් සැකකරුවන් ඊයේ (28 දා) කැකිරාව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම වැටලීම සඳහා සුරාබදු කොමසාරිස්‌ ජනරාල් හෙලන් මීගස්‌මුල්ල, සහකාර නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්‌ (නීති ක්‍රියාත්මක කිරීම) වන්සූරිය මහත්වරුන්ගේ උපදෙස්‌ මත උතුරු මැද පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්‌ රෝයි ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ අනුරාධපුර සුරාබදු පරීක්‍ෂක සී. එස්‌. සිරිමාන්න මහතාට ලැබුණු තොරතුරක්‌ මත අනුරාධපුර, පොලොන්නරුව හා කැබිතිගොල්ලෑව සුරාබදු ස්‌ථානවල නිලධාරීන් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු 30 දෙනෙකුගෙන් සමන්විත නිලධාරි කණ්‌ඩායමක්‌ සහභාගි වී ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply