Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » " දුව බැන්දේ ශාන්ත ස්ටෝර්ස් අධිපතිතුමාගේ පුතා එක්ක , තෑග්ග බෙන්ස් රථයක්, දවස් හතක් මගුල් කෑවා " දියණියගේ විවාහය ගැන ශ්‍රියන්ත මෙන්ඩිස් කියූ කතාව .!

ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු රංගන ශිල්පී යුවළගේ දියණියගේ විවාහය පසුගියදා පැවැත්වුවා. එහිදි මනමාලයාගේ පියා විසින් මනමාලයාට නවීන බෙන්ස් රථයක් තෑගී දීම නිසා මෙම විවාහය පිළිබදව කතාබහක් ඇතිවුණා. සිය දියණියගෙ විවාහයෙන් පසු ඒ පිළිබදව මතකය ශ්‍රියන්ත මෙන්ඩිස් අවදි කර තිබුණා. ඒ පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින්.
එම සංවාදය පහතින් ,

ඔබ ලොකු වගකීමකින් නිදහස් වුණා නේද?

වගකීමකින් නම් නිදහස් වුණා. මගේ චූටි දුවත් විවාහ වුණා පසුගිය හතර වැනිදා. ලොකු දුව ඉපදිලා වසර හතකට පස්සේ තමයි චූටි දුව ඉපදුණේ. එයා තමයි ගෙදර හුරතලයට හැදිච්ච දෝණි. මට එයා තාමත් මගේ හුරතල් දුව. ඒත් එයා වෙන කැදැල්ලකට පියඹලා ගියා.

දුවලා හදලා අන්තිමට තවත් කැදැල්ලකට යවන්න වෙනවානේ. ඒක ඔබට දැනුණේ කොහොමද?

ඇත්තටම අපි දුවලට කොච්චර ආදරය කළත් එයාලා කවදා හරි අලුත් ලෝකයකට පියඹනවා. ඇත්තටම ඒක දරාගන්න අමාරුයි. මම දුවගේ වෙඩින් එක දවසේ ගොඩක් අපහසුවෙන් ඒක දරාගන්න හැදුවත් ඒ වේදනාව මගේ මුහුණෙන් පෙනුණා කියලා මගේ මිත්‍රයෝ කිව්වා. සමහර යාළුවෝ මට කිව්වා මම එදා වෙඩින් හෝල් එකේ එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියේ කියලා.

දුව දීග දුන්නේ ටිකක් දුරකට නේද?

ඔව්. එයා විවාහ වුණු ෂෙහාන් පුතාගේ ගම කුලියාපිටිය. ඒත් දුව හඬකැවීම් ශිල්පිනියක් නිසා සති අන්තවල ගෙදර ඒවි.

දුවට මනාලයාව හොයලා දෙන්නේ ඔබලා. දුවට හොයලා දුන්නේ හරිම කෙනා කියලා හිතනවාද?

දුව විවාහ වුණේ කුලියාපිටිය ශාන්ත ස්ටෝර්ස් අධිපතිතුමාගේ පුතා එක්ක. ඒ පුතත් ව්‍යාපාරිකයෙක්. දුව වෙනුවෙන් විවාහ යෝජනාව ආවට පස්සේ අපි ඇයගෙන් මේ ගැන විමසුවා. දුවත් අපේ කැමැත්තට ඉඩ දෙනවා. වසර කිහිපයක් ඇසුරු කරලා තමයි එයාලා විවාහ වෙන්නේ.

දුවගේ විවාහය කරලා දීලා හත් දවසක් මඟුල් කෑවලු නේද?

ඇත්තටම ඒක හත් දවසක් මඟුල් කෑවා වගේ තමයි. ඔක්තෝබර් 25 තමයි විවාහ ගිවිස ගැනීම තිබ්බේ. ජනවාරි 04 විවාහ උත්සවය තිබුණා. ජනවාරි 07 තමයි දෙවැනි ගමනේ පළමු උත්සවය තිබුණේ. ජනවාරි 10 තමයි දෙවැනි ගමනේ දෙවැනි දවස සැමරුම තිබ්බේ. ජනවාරි 11 දුවව අපි පුතාගේ ගෙදරට භාර දුන්නා. ජනවාරි 12 තමයි මනාලයාගේ පාර්ශ්වයේ නෑදෑයෝ අපේ නිවෙසට ආවේ.

පොඩි දුවට ලැබුණු සැමියා දුව වගේම ඔබේ පවුලට ළෙන්ගතුව ඉඳීවිද?

ඔව්. මගේ ලොකු දුව විවාහ වුණු අමන්ද පෙරේරා පුතයි, මගේ පොඩි දුව විවාහ වුණු ෂෙහාන් පෙරේරා පුතයි ළඟම ඥාතීන්. අපි පස්සේ තමයි ඒක දැන ගත්තේ. ඒ දරුවොත් අපේ දරුවෝ වගේමයි. දෛවය විසින් නෑදෑයෝ ටික තව තවත් ළං කරලා දුන්නා. ෂෙහාන් පුතාගේ පවුලේ අය මගේ දරුවට ගොඩක් ආදරෙයි. මගේ දුව ඒ ගෙදරට යද්දී ඒ ගෙදර ලස්සන විශාල කාමරයක් එයාට ලෑස්ති කරලා තිබ්බා. දුවගේ ඡායාරූප, එයා කැමැති වර්ණ, ආලෝක යොදලා පුදුමසහගත විදියට ඒ කාමරය නිර්මාණය කරලා තිබුණා. අපි වගේම ඔවුන්ගේ ආදරේ මගේ දරුවට ලැබේවි.

දැන් වගකීම් අහවරද?
වගකීම් අහවර නැහැ. දැන් ලොකු දුවගේ, අලුත් පාසල් වාරය ඇරැඹෙනවා. ඊට පස්සේ ඒ වගකීම්වලට උදවු කරන්න ඕන. දවසින් දවස වගකීම් වැඩි වෙනවා. මමයි කුසුමුයි වාසනාවන්ත යුවළක්. අපි ප්‍රේම කළා. විවාහ වුණා. දරුවෝ හැදුවා. ඔවුන්ට හරියට උගන්වලා සමාජගත කළා. ඔවුන් නිසි කලට විවාහ කළා. ඉතින් අපි පුංචි දෙයින් ලොකු සතුටක් එකතු කරගත්තා.

දුවගේ විවාහය නිසා රංගන කටයුතුවලට විරාමයක් තිබ්බා කියලා ආරංචියි ?

ඔව්. ජනවාරි 01 වැනිදා ඉදන් ජනවාරි 15 වැනිදා වෙනකල් කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. මම කාලයකට විරාමයක් ගත්තමයි. ඉදිරියේදී කවිය ඔබ, නා ඉල්ලේ ගීරාවේ, වීරපුරන් අප්පු ටෙලි නාට්‍යවල වැඩ පටන් ගන්නවා. ඒ අතරේ හංකිති දහතුන, සුදු සහ කළු, රාක්ෂ පරාස වේදිකා නාට්‍යවලත් වැඩ කරනවා. ඉදිරියෙදී මගේ අලුත් නාට්‍යයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා.

 සංවාදය : තිළිණි කෞශල්‍යා විජේසිංහ/ මවුබිම
 
«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply