Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සැරයටියෙන් ගිය ශාස්ත්‍රපති


උපන්දා සිට මිය යන තෙක් ම පුද්ගලයකුට අධ්‍යාපනය ලැබිය හැකි ය. එලෙස ජීවිතයේ සෑඳෑ සමය දක්වා ම අධ්‍යාපනයෙහි නියැලීමට බොහෝ දෙනෙක් අකමැති ය. එසේ නොමැතිව ඉගෙනීමේ වටිනාකම හොඳින් අවබෝධ කරගෙන ජීවිතයේ සැඳෑ සමයෙහි ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගත් මිනිසෙකු පිළිබඳ පුවතක් පසුගිය දිනක වාර්තා වී තිබුණි.
1920 අප්‍රේල් මස පළමු දින ඉන්දියාවේ බරාලිහි වුටා ප්‍රාන්තයේ දී රාජ් කුමාර් වෛෂ් උපත ලැබීය. කුඩා කල පටන් අධ්‍යාපන කටයුතුවල දී කැපී පෙනෙන දක්ෂතා දැක් වූ රාජ් කුමාර් කිසිඳු විටකවත් කම්මැලි වූයේ නැත. 1934 දී ඔහු ඉන්දියාවේ උසස් විද්‍යාලයේ දී තම මුලික අධ්‍යාපන කටයුතු අවසන් කළේය. 1940 දී ඉන්දියාවේ අග්‍රා විශ්වවිද්‍යාලයේදී එල්.එල්. බී විභාගය උසස් අන්දමින් සමත් වූ රාජ් කුමාර් උසස් අධ්‍යාපනය වැඩිදුර හැදෑරීමේ ක්‍රමවේද පිළිබඳව විමසිලිමත් විය. ඔහු තම හිතවත් විද්වතුන්ගෙන් සහ සමාජයේ පිළිගත් නිලතල දරන පුද්ගලයින්ගෙන් හැදෑරිය යුතු විෂය ක්ෂේත්‍ර පිළිබඳ අසා දැන ගත්තේය.
ඒ අතරතුර ඔහු තම අධ්‍යාපන සුදුසුකම් මත ඉන්දියාවේ ක්‍රිස්ටිනා ටීකා ඉන්ඩස්ට්‍රිහි නීතී නිලධාරියකු ලෙස කටයුතු කළේය. 1980 වර්ෂයේ දී එම ආයතනයේ ප්‍රධාන කළමනාකරණ නිලධාරියෙකුව සේවය කළේය.
ඉන් අනතුරුව 2015 වර්ෂයේ දී ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධිය සම්පුර්ණ කිරීම සඳහා ලියාපදිංචි විය. එය සම්පුර්ණ කළ ඔහු පසුගිය දිනක නාලන්දා විවෘත විශ්වවිද්‍යාලයේ 12 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ දී ඉන්දියාවේ ආණ්ඩුකාරවරයකු වන ගංගා ප්‍රසාද් මහතා විසින් ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. එපමණක් නොව මෙම විශ්වවිද්‍යාලයේ 12 වැනි උපාධි ප්‍රධානෝත්සවයේ දී උපාධිය ලබා ගත් මුළු ශිෂ්‍යයින් සංඛ්‍යාව 22,100 ක් බව මෙම විශ්වවිද්‍යාලයේ සිසුන් ලියාපදිංචි කරන ලේඛකාධීකාර එස්. පී .සිං මාධ්‍යයට ප්‍රකාශ කළේ ය.
ඉන්දියාවේ නාලන්දා විවෘත විශ්වවිද්‍යාලයේ වයස ඉක්ම වූ පුද්ගලයකු ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් පළමු අවස්ථාව මෙය වේ. ඒ හේතුවෙන් මෙම සිදුවීම මෙම විශ්වවිද්‍යාලය ලබා ගත් ජයග්‍රහණයක් බව විශ්වවිද්‍යාලීය පාලනාධිකාරීකත්වය මාධ්‍යට ප්‍රකාශ කර ඇත.
'අද මට ගොඩාක් සතුටුයි, මම ගොඩාක් මහන්සි වෙලා වැඩ කළා. දිගු කලක් තිස්සේම මගේ හිතේ තිබුණු බලාපොරොත්තුවක් අද මට සැබෑ කර ගන්න පුළුවන් වුණා. මම මගේ අධ්‍යයන කටයුතු කර ගෙන යද්දී තරුණ පරම්පරාවල අය‍ අධ්‍යයන කටයුතු කරන විදිහ අධ්‍යයනය කරා. එයත් මගේ හීනය සැබෑ කර ගන්න රුකුලක් වුණා. 'යනුවෙන් රාජ් කුමාර් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් දිනයෙහි මාධ්‍යට ප්‍රකාශ කළහ.
'මගේ තාත්තාට ඔහුගේ සිහිනය සැබෑ කර ගන්න ලැබුණ එක ගැන මට ගොඩාක් සතුටුයි. අපේ තාත්තා බොහොම අමාරුවෙන් වුවත් එදින තමන්ගේ උපාධිය ලබා ගන්න වෝකර් එක උපයෝගී කරගෙන ස්ටේජ් එකට නැංගා. ඔහු සැබවින්ම දක්ෂ පුද්ගලයෙක් කියලා තමයි මම කියන්නේ. ' යනුවෙන් රාජ් කුමාර්ගේ පුතෙකු වන ජාතික තාක්ෂණික ආයතනයේ විශ්‍රාමික මහාචාර්ය සන්තෝෂ් කුමාර් මාධ්‍යයට පැවසීය.
වර්තමානයේ ජීවත් වන තරුණ පරම්පරාවට අධ්‍යාපනයේ අගය මනාව කියාදෙන රාජ් කුමාර් ඉන්දියාවේ ප්‍රචලිත චරිතයක් වී තිබේ. ලොව ඕනෑම පුද්ගලයකුට ඉගෙනගැනීම සඳහා වයස ගැටලුවක් නොවන බව ඔහුගේ මෙම ජයග්‍රහණයෙන් හෙළි වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලබයි.
අන්තර්ජාලය ඇසුරිණි
Email Facebook Twitter Google+ Pinterest PrintFriendly Share

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply