Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මම උඹ එක්ක හිටපු නිරුවත් ඡායාරූප මුළු ගමටයි ඉස්කෝලයටයි එවනවා...!


අනුරාධපුර ප්‍රදේශයේ නියෝජිත තැපැල් කාර්යාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් රජයේ පාසලක සේවය කරන අවිවාහක  තරුණ ගුරුවරියකු අපහසුතාවයට පත්කරමින් ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමේ පුවතක් වාර්තා වෙනවා.

මෙම තරුණ ගුරුවරිය සමඟ අවිවාහයෙකු ලෙස පෙනී සිටිමින් අදාල තැපැල් කාර්යාලයේ හිමිකරු කටයුතු කර ඇති අතර එම පුද්ගලයා විවාහක දෙදරු පියකු බව දැනීමෙන් පසු මෙම ගුරුවරිය ඔහු හා පවත්වාගෙන ගිය  ප්‍රේම සම්බන්ධතාවය නතර කර දමා තිබෙනවා. ඉන් උරණ වූ තැපැල් කාර්යාලයේ හිමිකරු පරිගණකයක් ආධාරයෙන් ඇයගේ නිරුවත් ඡායාරුප සකසා එම ඡායාරූප ලියාපදිංචි තැපෑලෙන් විවිධ පුද්ගලයන්ට යවා තිබෙනවා.

මෙම සිදුවීමෙන් අපහසුතාවයට පත් ගුරුවරිය තම මව සමඟ අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණ මේ පිළිබඳ පැමිණි කර තිබුණා. එහිදී විවිධ පුද්ගලයන් වෙත යැවූ ඡායාරූප විශාල ප‍්‍රමාණයක් ද පොලීසියට ඉදිරිපත් කර තිබුණා. පසුව දෙපාර්ශවය ගෙන්වා අවවාද කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර එහිදී  සැකකරු "හිර ගෙවල් හතක ගියත් මම උඹ එක්ක හිටපු නිරුවත් ඡායාරූප මුළු ගමටයි ඉස්කෝලයටයි එවනවා!" යනුවෙන් පොලිස් නිලධාරීන් ඉදිරියේම තර්ජනය කර තිබෙනවා.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු සැකකාර නියෝජිත තැපල්හල් හිමියා ගුරුවරියගේ නිරුවත් ඡායාරූප මුද්‍රණය කර ඇය පදිංචිව සිටින ප‍්‍රදේශයේ නිවෙස්වලට හා සේවය කරන පාසලට ව්‍යාජ ආපසු ලිපිනයක් යොදා ලියාපදිංචි තැපෑලෙන් යොමුකර තිබෙන බවද සඳහන් වෙනවා. එවැනි ලිපි කිහිපයක් පාසලේ ගුරුවරුන්ට ලැබූ තිබුණු අතර ඔවුන් ක්‍රියාත්මක වී අනෙක් ලිපි පාසලේ ගුරුවරුන් අතට පත්වීමට පෙර තැපැල් ස්ථානයෙන් ලබාගෙන ඇයට සිදුවීමට තිබූ අපහසුතාව මගහැරවීමට කටයුතු කර තිබෙනවා.

මෙම ඡායාරූප අතර අදාල ගුරුවරිය ඇඳක සිටින ඡායාරූපයක උඩුකය වෙනත් රූපයකට බද්ධකර සකස් කල ඡායාරූපද තිබූ බව ගුරුවරියගේ මව පොලීසියට සඳහන් කර තිබුණා. 

මේ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා පී.යමුනා කාන්ති හා උප ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඒ.රත්නසිරි යන මහත්ම මහත්මීන් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද වාර්තා වෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply