Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලක්ෂ ගණනකට පඩි නෑ

රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය මේ වන විට තාක්ෂණික වශයෙන් අක්‍රිය වී තිබෙනවා.
ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානු රජයේ සේවකයන්ට පඩි රහිත නිවාඩු ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අතුරු අයවැය ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් 230ට 197ක් ලෙස අනුමත කළ ද සෙනෙට් මණ්ඩලය එය 50ට 49ක් ලෙස පරාජයට පත් කර තිබෙනවා.
කෙසේවෙත් රජයේ අත්‍යවශ්‍ය සේවා තවදුරටත් පවත්වාගෙන යනු ඇති.
රජයේ බිඳ වැටීම තුලින් ආරක්ෂක සේවා ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන්ට බලපෑමක් නොවන බවයි අමරිකා මාධ්‍ය පෙන්වා දෙන්නේ.
සෞඛ්‍ය, ආරක්ෂක, නීති ඇතුලු ක්ෂේත්‍රවල රාජ්‍ය නිලධාරීන් කොටසක් පඩි රහිත සේවයට එකගවී තිබෙනවා.
කෙසේවෙතත් ලබන සඳුදාට පෙර නිසි පියවරක් ගතහොත් සම්පුර්ණයෙන්ම ඇමරිකාවේ සේවා කඩාකප්පල්වනු ඇති බව විචාරකයන් පෙන්වා දෙනවා.
පවතින තත්වය මත නිවාස, පරිසර, අධ්‍යාපන සහ වෙළඳ සේවා ක්ෂේත්‍රවල සේවකයන්ට රැකියාවලින් ඉවත්ව සිටීමට සිදුවනු ඇති.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply