Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » උදය ගම්මන්පිලගේ කූට ලේඛන ගැන කුකුසක්...


තමා විසින් ඇටර්නි බලපත්‍රයක් 3 වන පාර්ශවයක් විසින් උදය ගම්මන්පිලට ලබා නොදුන් බවත් උදය ප්‍රභාත් ගම්මන්පිල කවුද යන්න තමා දන්නා බවත් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා විසින් අද (17) සවස 2.00 ට උසාවි අංක 2 දී කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

අද දින සාක්කි කූඩ‍ුවේ සාක්කි දෙමින් බ්‍රයන් ෂෙඩික් මහතාගෙන් විත්තියේ නීතිඥවරයා විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදු කල අතර, එහිදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී ෂෙඩික් මහතා හා විත්තියේ නීතිඥවරයා අතර යම් වචනයක් හුවමාරු වීමෙන් සොලිස්ටර් ජනරාල් හා විත්තියේ නීතිඥවරයා අතර බහින් බස් වීම දුර දිග යාමෙන් විනිසුරුවරයා විසින් තම වෘත්තියේ තිබෙන ගරුත්වය ආරක්ෂා වන ලෙස හැසිරෙන ලෙසත් නැවත මෙවැනී සිදු වීමක් ඇති නොවිය යුතු බව දෙවන වරටත් නියෝග කළේය.

තවද, 2003 දක්වා වූ ලේඛන 70 වක පමණ තමාගේ අත්සන ව්‍යාජ ලෙස තබා තිබෙන බව  තමා දැක ඇති බවද ඔහු අධිකරණයදී සදහන් කළේය.තමන් නිතරම අධිකරණය ඉදිරියේ සත්‍ය පවසන බව විනිසුරු ඉදිරියේ ප්‍රකාශ කළේය.

විත්තියේ නීතිඥවරයා ඇතුළු නීතිඥ මඩුල්ල විසින් හරස් ප්‍රශ්න ඇසීම අවසන් කල අතර, පැමිණිලි පාර්ශවය විසින් පැය 2ක ප්‍රශ්න කිරීමක් සදහා නැවත දිනයක් ලබා ගත අතර ජනවාරි 26 දින උදැසන දක්වා නඩු විභාගය කල් දමන ලදී.

උසාවියේ වැඩ කටයුතු අවසන් වීමට පෙර සොලිස්ටර් ජනරාල් විසින් විත්තියේ නීතිඥවරයාගෙන් ඊයේ දින අධිකරණ ඉදිරියේ පෙන්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවන් අඩංගු ලේඛන 4 තම වෙත ලබා දෙන ලෙස ප්‍රකාශ කලද, එය මේ අවස්ථාවේදී නොමැති බව ප්‍රකාශ කල අතර, නැවත නැවතත් එය ඉල්ලා සිටීම හේතුවෙන් විනිසුරුවරයාගේ නියෝග මත නොමැති බව පැවසු එම ලේඛන අකමැත්තෙන් වුවද ලබා දීමට සිදු විය.

මේ තුලින් ගම්‍ය වන එක් හේතුවක් නම් ගම්මන්පිල විසින් අසත්‍ය ලියවිලි සකසා තිබේ ද යන්න කුකුසක් ඇතිවේ. එනම් අධිකරණ  අන්දමින් යම් රගපෑමක් සිදුවන බව නඩු විභාගය බලන් සිටින අයකුට මනා ලෙස තේරුම් ගත හැකිවේ.


අද දින ද මාධ්‍ය වෙත මුහුණ නොදී පෑල දොරින් යාමට සැරසුනද මාධ්‍යවේදීන්ගේ කතා බහ අසා සිටි ගම්මන්පිලගේ ආරක්ෂකයකු විසින් ගම්මන්පිලට සැළ කිරීමෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ සංදර්ශනයක් කර, ගීත කිහිපයක් ගායනා කර යන්න ගියේය.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply