container අපේක්ෂකයන්ට බිහිසුණු තෝමර අවියක් වන අරුමැසි ලැයිස්තුව ඔබ දන්නවද? - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අපේක්ෂකයන්ට බිහිසුණු තෝමර අවියක් වන අරුමැසි ලැයිස්තුව ඔබ දන්නවද?

අමතර ලැයිස්තුව යනු අරුමැසි ලැයිස්තුවකි. එය ජන්දදායකයන්ට නම් අබිරහස් පෙට්ටගමක් බඳුය. ආසන සංවිධායකයන්ට නම් සිතූ පැතු සම්පත් දෙන පැන්ඩෝරා පෙට්ටියකි. අපේක්ෂකයන්ට නම් එය බිහිසුණු තෝමරයක් වන් අවියකි.
අමතර ලැයිස්තුව යනු නාම යෝජනා ලැයිස්තුවේ දෙවන කොටසයි. එය සකසන්නේ පක්ෂයේ මහ ලේකම්වරයාය. ඒත් සැබවින්ම එහි හිමිකරු ආසන සංවිධායකවරයාය. අවසන් මොහොතේ අවසන් තත්පරය දක්වා මේ ගුප්ත ලේඛනයේ ඇත්තේ කවර බවලතාගේ හෝ බලවතාගේ නම් දැයි ආසන සංවිධායකයාගේ මායියා පවා නොදන්නේය. එහි තම නම නැත්තේනම් එකී සුපින්වතා වෙනත් පැත්තක අමතර ලැයිස්තුවකින් මතු වනු නියතය.
අමතර ලැයිස්තුව අරුම පුදුම වස්තුවකි. එය ඇලඩින්ගේ පහනක් ලෙසත්, සිතූ පැතූ සම්පත් දෙන අරුම පුදුම ලේඛනයක් ලෙසත් භාවිතයට හැකිය. එකී ලේඛනයේ පොල්මක්කාරයා ආසන සංවිධායකයාය. මෙරටේ දේශපාලනයේ කරලියේ තෙම්පරාදු වූ එවැන්නෝ චිට් එක දීමට රුසියෝය.
නම අමතර වුවද බැලූ බැල්මට එහි නම් ඇත්තෝ අමතර ඇත්තෝ නම් නොවෙති. මහිලාවන් වෙත පිරිනැමූ ඓතිහාසික කෝටාව නිසා තැන අහිමි වූ පුරුෂයින්ද, සංවිධායක තුමාගේ සිත්ගත් අපේක්ෂක භවතුන්ද, ආදී ලෙසින් වන පිරිස් ඇතුළත් මෙහි සිටිනා ඇත්තන්ගේ ප්‍රමාණයෙන් හරි අඩක් කාන්තාවන්ගෙන් සමන්විය යුතු යැයි නීතිය දක්වා ඇත්තේය.
ඕනෑම සභාවකට අමතර ලැයිස්තුවට නම් වැටෙන්නේ සුත්‍රයකට අනුවය. එනම් සභාවට හිමි මුළු සභික සංඛ්‍යාවෙන් 40% ක් ලෙසිනි.කොළඹ මහනගර සභාවට නියමිත සභික ගණන 110 ක් වන්නේය. කොට්ඨාශ පදනමින් ඊට වෙන්වෙන 60% පංගුව සභික ධූර 66 ක ප්‍රමාණයකි. ඒ අනුව 40% ක් යනු සභිකයෝ 44 දෙනෙක් අමතර ලැයිස්තුවට වැටෙන්නේය. අතිරේක නම් කිහිපයකුත් එක් කිරීම සාමාන්‍ය පිළිවෙත බැවින් එලෙස සමානුපාතික ලැයිස්තුවකට ලැබෙන නම් 3 ත් සමග කොළඹ අතිරේක ලැයිස්තුවේ මුළු ගණන 47 කි.
මෙහි 50% ක් කාන්තාවෝ සිටිය යුතු බව අනුමත නීතියයි. දශම සංඛ්‍යා ගලවන ලද කල අමතර ලැයිස්තුවට කොලොම්පුරයෙන් නම් දෙන කාන්තාවන් ගණන 23 දෙනෙකි.
දැන් අපි සේන්දු වන්නේ ජන්දය දවසටයි. ඒ ඒ පක්ෂ ලබාගත් ජන්ද ගණනට සමගාමීව සභික ධූර ලබා දීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමයි. කොට්ඨාශයක් දිනුවොත් දිනුවාමය. එයා ඇතුළේය. ජන්ද ප්‍රමාණය සලකා බලා ඔබ පක්ෂය ට මෙපමණ ධූර සංඛ්‍යාවක් හිමියැයි මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ ලේකම්ට/ ස්වාධීන කණ්ඩායම් නායකයාට දන්වා යවන්නේය.
හබන් කුකුලන්ට ජය මගුල උදා වන්නේදැන්ය. එනම් මැතිවරණයෙන් පසුවය. මැතිවරණ කොමිෂන් සභාවේ නියමය දෙයාකාර වන්නේය.
1. පක්ෂ ලේකම්වරයාට අභිමත ලෙස ඉතිරි සභික ධූර සඳහා සභිකයන් නම් කිරීම
2. කාන්තා නියෝජනය තහවුරු කිරීම
මේ සඳහා පිහිටට එන්නේ අමතර ලැයිස්තුවයි. මෙහි වක්‍ර අධිකාරී බලය ලබන්නා ආසන සංවිධායකවරයාය. ලැයිස්තුව දුටුගැමුණු කුමාරයාගේ බත් පිඟාන වාගේය. අහුවෙච්ච, අහුවෙච්ච තැනින් කුමාරයා පාතරාසය ගිලදැම්මා සේ සභිකයන් නම් කිරීම අමතර ලැයිස්තුවේ උඩිනුත්, යටිනුත්, මැදිනුත්, හැක්කේය. ලැයිස්තුවේ අංක නැත.
එලෙස තමන් අභිමත, තම රුචියට සමගාමී එකෙකුන් පත් කිරීමද එක පැහැර වරදක් යැයි නිගමනය කල නොහේ. අපේ ජනතා නියෝජිතයෝ ගෙම්බන් වාගේය. අද මෙහේ ඉන්න එකා හෙට එහේය. ඉතිං සංවිධායකයා කැමති එකෙක් දැම්මාම මොකදැයි කියාද ඇසිය හැකිය.
මෙකී ලැයිස්තුවේ හොඳක් නැත්තේම නොවේ. කොට්ඨාශයක් සඳහා තරග කොට පරාජය වන අපේක්ෂකයෙක් යළි කැඳවා ගැනීමටත්, තරග කිරීමට මැලි , දැසි දස් , ධන ධාන්‍ය නැති ඇත්තෝ මේ හරහා කරලියට ගෙන ඒමත් කල හැක්කේය. සංවිධායක තුමාගේ සිත් ගත් සභාපතිවරයා සිටිය හැක්කේද මෙකී අමතර ලැයිස්තුවේය. බහුතර බලයක් ඇති විටෙක එයනම් තවත් හොඳ කනා පල්ලමක් ගැසීමට හැකි අවස්ථාවක් විය හැකිය.
එහෙත් පිහියෙන් පාන් පමණක්ම කපන හාදයෝ අප අතර නැත. ඉඳහිට හෝ පෙම්වතියට බැරිනම් අල්ලපු ගෙදර එකාට පිහියෙන් අනින්නේය. අමතර ලැයිස්තුවද ඒ වාගේය.
වඳුරාට දැලිපහිය ලැබී ඇත්තේය. අත්ත හොලවා හෝ ගිනි බටයක් පිඹ රිලවා භ්‍රාන්ත කොට තැති ගන්වා අත්තෙන් බිමට දැමීම හෝ පලවා හැරීම කල යුත්තේද ජන්දදාසලාමය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply