Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » දියවැඩියාව නිසා ඇති වන ස්‌නායු ආබාධ ගැන ඔබ දැනුවත්ද?


දියවැඩියාව ස්‌නායු රෝග බහුලව දැකිය හැකි බොහෝ දුෂ්කරතා ඇති කරන උපද්‍රවකාරී රෝග තත්ත්වයකි. වැළඳී ඇති දියවැඩියාව කුමන ප්‍රභේදයකට අයත් වුවත් රෝග තත්ත්වය නිසි පරිදි පාලනය නොකර කල්ගත වීමේ දී කෙටි කාලයක්‌ ඇතුළත දී හෝ වසර කීපයක්‌ ගත වීමේ දී මෙම ස්‌නායු ආබාධ ඇතිවිය හැක. සමහරවිට දියවැඩියාව පවතින බව හඳුනා ගන්නේ ද මෙවැනි ආබාධ ඇති වී ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමු වූ විට දී ය. ස්‌නායු පද්ධතිය වනාහි නියුරෝන නැමැති විශේෂිත සෛල මගින් නිර්මිත මොළය, සුෂුම්නාව සහ ශරීරය පුරා විහිදී යන විවිධ ස්‌නායු තන්තු ඇතුළත් සංකීර්ණ පටක සැලැස්‌මක්‌ සහ ක්‍රියාකාරිත්වයක්‌ සහිත ව්‍යqහයකි.

එමගින් ශරීරයේ සමස්‌ත ඉච්ඡානුග සහ අනිච්ඡානුග චාලක සහ සංවේදක ක්‍රියාකාරිත්වයන් සමායෝජනය කිරීම සහ පාලනය කිරීම සිදු කරයි. අනෙකුත් සෑම සෛලයක්‌ මෙන්ම මෙම නියුරෝන ද ජීවී බව පවත්වා ගැනීම සඳහා සහ ඊට ආවේනික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශක්‌තිය ලබා ගන්නේ ග්ලුකෝස්‌ දහනය මගිනි. රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය වැඩිවීමේ දී ස්‌නායු සෛල තුළ ග්ලුකෝස්‌ පරිවෘත්තියෙහි විකෘතිතා ඇති වේ. එහි ප්‍රතිඵලය නම් ස්‌නායු සෛල තුළ සෝබිටෝල් සහ පෘක්‌ටෝස්‌ නැමති සංයෝග අධිකව නිපදවීමය. මේ සඳහා ඇඩෝස්‌ රිඩක්‌ටේස්‌ සහ සෝබිටෝල් ඩිහයිෙඩ්‍රාජිනේස්‌ නැමති එන්සයිම හේතු වේ. මේ නිසා ස්‌නායු සෛලය තූළ මයෝඅයිනොසිටෝල් ප්‍රමාණය අඩු වන අතර තවත් විවිධ ජෛව රසායනික රාශියක ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු නොවීම නිසා ස්‌නායු ආවේග සම්ප්‍රේෂණයෙහි බාධා ඇති වේ. එසේම ස්‌නායු සෛලවල නොයෙකුත් ව්‍යqහාත්මක විකෘතිතා ද ඇති වේ.

අතිරේක ග්ලුකෝස්‌ අනු වෙනත් ප්‍රොaටීන සහ ලිපිඩ අනු සමඟ සම්බන්ධවී නිපදවෙන අහිත කර ජෛව රසායනික අණු නිසා ද ස්‌නායු සෛලවල ක්‍රියාකාරිත්වයට බාධා ඇති වේ. දියවැඩියාවේ දී රධිර වාහිනී ආශ්‍රිතව ඇති වන විවිධ විකෘතිතා ද ස්‌නායු සෛල වල අබාධ ඇති කිරීමට හේතු වේ. අධික රුධිර පීඩනය වයස්‌ගත විම දීර්ඝ කාලයක්‌ රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය ඉහළ මට්‌ටමක පැවතීම රුධිරගත ලිපිඩ (කොලෙස්‌ට්‍රොaල්) ප්‍රමාණය වැඩි වීම දුම්පානය සහ ඇල්කොහොල් භාවිතය මෙම ස්‌නායු ආබාධ ඇති වීමේ අවධානම වැඩි කිරීමට හේතු වන සාධක අතර ප්‍රධාන තැනක්‌ ගෙන ඇත.

දියවැඩියා රෝගයේ දී ස්‌නායු ආබාධ ක්‍රම කීපයකට ඇති විය හැක. ස්‌නායු සහ ස්‌නායු කේන්ද්‍රවලට රුධිර සපයන වාහිනී ගත විකෘතිතා නිසා රුධිර සැපයුම අඩාල වීමෙන් ස්‌නායු සෛල දුර්වල වීම හෝ මියයාම නිසා හදිසියේ ඇති වන අංශභාගය වැනි රෝග තත්ත්ව එක්‌ ආකාරයකි. රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය වැඩිවීම නිසා ස්‌නායු සෛල වල ඇති වන විවිධ පරිවෘත්තීය වෙනස්‌කම් නිසා ක්‍රමිකව ඇති වන ස්‌නායු ආබාධ තවත් ආකාරයකි.

දියවැඩියාව රෝගයේ දී ස්‌නායු ආබාධ නිසා ඇති වන රෝග ලක්‌ෂණ පහළ වීම විවිධ ස්‌වරූපයෙන් ඇතිවිය හැක. ඇතැම් විටෙක සංවේදන විකෘතිතා ලෙස ද ඇතැම් විටක චාලක හෙවත් අවයවල ක්‍රියාකාරිත්වයේ විකෘතිතා ලෙස ද පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව සිදු කෙරෙන අනිච්ඡානුග ක්‍රියාකාරිත්වයන්ගේ විකෘතිතා ලෙස ද රෝග ලක්‌ෂණ පහළ විය හැක. බොහෝවිට මෙම රෝග ලක්‌ෂණ රෝගීන් හට විවිධ ආකාරයෙන් අවබෝධ විය හැක. වැඩි දෙනකුට අත් පාවල ඇති වන සංවේදන විකෘතිතා අත් පා වල ඇති වන හිරියක්‌ ලෙස දැනීමට පුළුවන.

අත් පා වල දැවිල්ල, සීතල ගතිය හෝ පුපුරු ගැසීම ඉදිකටුවකින් අනින්නාක්‌ වැනි සියුම් වේදනාවක්‌ ලෙස හෝ අත් පාවල තද ගතියක්‌ ලෙස හෝ උණුසුම, සීතල සහ වෙනත් ස්‌පර්ශ සංවේදන සාමාන්‍ය කෙනකුට වඩා වැඩි තීව්‍රතාවකින් රෝගියා හට දැනීමට පුළුවන. ඇතැමි කෙනකුට අතුල් පතුල් වල යමක්‌ ඇල වී ඇත්තාක්‌ සේ දැනීමක්‌ හැඟීමක්‌ ඇතිවිය හැක

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply