Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » නීතිපති දෙපාර්තමේන්තුවට වාහන බෝනස්



නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරු කිහිපයක් සඳහා අලුතින් සුපිරි මෝටර් රථ කිහිපයක් ලබා දී තිබේ.
ඒ අනුව නීතිපති ජයන්ත ජයසූරියට හයිබ්‍රිඩ් බෙන්ස් රථයක් ලබා දී ඇති අතර, නීතිපතිවරයා මෙතෙක් භාවිතා කළ මෝටර් රථය අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරාට ලබා දී ඇත.
මීට අමතරව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩට ෆ්‍රී-ලෑන්ඩර් වර්ගයේ නවතම රථයක් ද ලබා දී තිබේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන්නේ මීට අමතරව ඉදිරි දින කිහිපයේදී නීතිපති දෙපාර්තමේන්තුවට තවත් පහසුකම් රැසක් ලැබෙනු ඇති බවයි.
මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති යටිතල පහසුකම් හිඟය සම්බන්ධයෙන් පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව ද දැනගන්නට ඇත. විශේෂයෙන්ම කනිෂ්ඨ රජයේ නීතිඥයන්ට ආසන පහසුකම් පවා නොමැති බවත්, ඔවුන්ට කොළඹින් පිට පළාත් වල නඩුවලට යාමේදී අතින් වියදම් කරගැනීමට සිදු වී ඇති බවත් අනාවරණය වේ

- Resa.lk

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply