Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » තනියම සෞදි යන්න අවසර හිමිවෙයි



සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් වයස අවුරුදු 25ට වැඩි කාන්තාවන්ට තනිවම සෞදි අරාබිය තුළ සංචාරය කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව සංචාරක විසා ලබාගෙන තනියම සෞදි අරාබිය තුළ සංචාරය කළ හැකි බවයි සෞදි සංචාරක හා ජාතික උරුමයන් පිළිබඳ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
අවුරුදු 25ට අඩු කාන්තාවන් සෞදි අරාබියට පැමිණ විට පවුලේ සාමාජිකයෙක් සමඟ පැමිණිය යුතු බවත් එම නිවේදනයේ සඳහන්.
මෙහිදී තනි පුද්ගල සංචාරක වීසා දින 30ක උපරිම කාලසීමාවකට යටත්ව ලබා දෙන අතර දැනට සෞදි අරාබියේ සංචාරයන්වල යෙදී සිටින පුද්ගලයින්ටද ඉල්ලුම් කළ හැකි බවත් සඳහන්.
2018 වසරේ මුල් කාර්තුවේ සිට වීසා නිකුත් කරන බව සෞදි සංචාරක හා ජාතික උරුමයන් පිළිබඳ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ඕමාර් අල්-මුබාරක් ප්‍රකාශ කර ඇති බවයි GDN Online  වාර්තා කරන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply