container ගම්මන්පිල අද උසාවියේදී මාධ්‍යට මුහුණ නොදී පෑල දොරින් පැන යයි... - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ගම්මන්පිල අද උසාවියේදී මාධ්‍යට මුහුණ නොදී පෑල දොරින් පැන යයි...


ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩ්ක් මහතාට අයත්ව තිබු  පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1ක් ගම්මන්පිල මහතා විසින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර විකිණීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඔ පළාත්බද මහාධිකරණයේ ගොනු කළ නඩුවේ අද (16) දින විශේෂ නඩු වාරයක් උසාවි අංක 2 දී මහාධිකරණ විනිසුරු ආර්.ආර් හෙයියන්තුඩුව මහතා පැවැත්විය.

ලසිත් පෙරේරාට ලබා දී තිබෙන ඇටර්නි බලපත්‍රය සම්බන්ධව විත්තියේ නීතිඥවරයා විසින්  බ්‍රයන් මහතාගෙන් විමසීමේදී ලබා දුන් පිළිතුරු පරස් පර විරෝධී යැයි ප්‍රකාශ කරමින් උසාවිය තුල මහා හඩින් කෑගැසීම තුලින් සොලිස්ටර් ජනරාල් වරයා නැගී සිටිමින් පවසා සිටියේ විත්තියේ නීතිඥවරයා අධිකරණය නොමග යවන බව ප්‍රකාශ කල අතර විනිසුරු වරා කියා සිටියේ සාක්ෂි කරු හිංසනය වන අන්දමින් ප්‍රශ්න නොකරන ලෙසත්, අනවශ්‍ය ලෙස කාලය මිඩංගු නොකරන ලෙසද, මේ නඩුව හේතුවෙන් නඩු 30 ආසන්න ප්‍රමාණයක් කල දැමීමට හේතු වී  ඇති මොහොතක තව දුරටත් මෙලෙස ක්‍රියා නොකරන බවත් ඉතා කෙටියෙන් ප්‍රශ්න ඇසීම සිදු කරන ලෙස නියෝග කළේය.

බ‍්‍රයන් ෂැඩික් මහතා වෙනුවෙන් ඇටර්නි බලපත්‍රය හිමි ලසිත පෙරේරා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ,

"බ‍්‍රයන් ෂෙඩික් මහතාගේ හරස් ප්‍රශ්න ඇසීම අදින් අවසන් වූ බවත්, පසුගිය 11 වෙනිදාට උසාවි අංක 5 නියමිතව තිබු නඩු වාරය විත්තියේ නීතිඥවරුන් විසින් යෙදු දිනයක් වුවත්, එදිනටවත් ඔවුන්ට සහභාගී වීමට නොහැකි වීමෙන් නඩුව 26 දිනට කල් ගිය බවත් ප්‍රකාශ කල අතර උසාවි අංක 02 නඩුව හෙට දිනයේදී අවසන් වන බවත්, එය විශාල සහනයක් වන බවත් වැඩි දුරටත් සදහන් කළේය."

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply