Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මගුල් කාර් එකේ ඩ්‍රයිවර් මනාළිය අඹුකමට ගනී

තම බිරිඳ විසින් මුදල් වංචාවක් සිදුකළ බවට සැමියෙකු විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී හෙළිවුනු අමුතු ප්‍රේමයක් පිළිබඳව පුවතක් වව්නියාව ප්‍රදේශයෙන් වාර්තාවනවා.
මෙම පුද්ගලයා අදාළ කාන්තාව සමඟ විවාහ වී ඇත්තේ මීට මාස 7 කට පමණ පෙරදීයි.
විවාහ වූ දිනයේ ඔවුන් මෝටර් රථයකින් නවාතැන්ගෙන සිටි හෝටලය වෙත ගොස් ඇති අතර එම ගමන්වාරය අතරතුර මනමාලිය සහ මෝටර් රථයේ රියදුරා හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් විවාහයෙන් පසුව අදාළ සැමියා විදෙස්ගතවී ඇති අතර ටික කලකට පසුව සැමියා විසින් බිරිඳද තමන් සිටි රටට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
එහිදී බිරිඳ විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පසුව තම බිරිඳ පිළිබඳව සැකසිතූ සැමියා මෙරට සිටි ඔහුගේ ඥාතීන් මාර්ගයෙන් තම බිරිඳ පිළිබඳව තොරතුරු සොයා ඇති අතර එවිට අනාවරණ වී ඇත්තේ එම කාන්තාව වෙනත් පිරිමි පුද්ගලයෙකු සමඟ අඹුසැමියන් ලෙස ජීවත්වන බවයි.
ඒ අනුව මෙම පුද්ගලයා විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම බිරිඳ විසින් තමන්ට මුල්‍ය වංචාවක් සිදුකර ඇති බවටයි.
කෙසේ වෙතත් ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම කාන්තාව මෙලෙස අඹුසැමියන් ලෙස ජීවත්ව ඇත්තේ ඔවුන්ගේ විවාහ දිනයේ මෝටර් රථය පැදවූ රියදුරා සමඟ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply