Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රියදුරන් රහිත මෝටර් රථ ඇපල් සමාගමෙන්


රියදුරන් රහිත ස්‌වයංක්‍රීය මෝටර් රථයක්‌ නිර්මාණය කිරීම සඳහා මුදල් ආයෝජනය කරන බව ඇපල් සමාගම පළමු වරට අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව ඇමෙරිකානු ප්‍රවාහන නියාමන බලධාරීන් වෙත ලිපියක්‌ යොමු කරමින් ඇපල් සමාගම "ප්‍රවාහනය ඇතුළු ක්‌ෂේත්‍ර ගණනාවක ස්‌වයංක්‍රීය පද්ධති වැඩිදියුණු කිරීමට ඇති අවස්‌ථාව සම්බන්ධයෙන් සතුටු වන බව" දක්‌වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 ස්‌වයංක්‍රීය මෝටර් රථයක්‌ නිර්මාණය කිරීම සඳහා ඇපල් සමාගම සැලසුම් සකස්‌ කරමින් සිටින බවට කලක සිට වාර්තා පළ වූ නමුත් එම සමාගම ඒ බව ප්‍රසිද්ධියේ හෙළිකර තිබුණේ නැහැ.

මේ අතර ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කරන ලද ස්‌වයංක්‍රීය මෝටර් රථ 2021 වසර වන විට ධාවනය සඳහා සූදානම් කරන බව නිවේදනය කර තිබෙනවා.
ගූගල් සමාගම මේ වන විටත් ස්‌වයංක්‍රීය මෝටර් අත්හදා බලමින් සිටියි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply