Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රටට ආදර්ශයක් දුන් අක්කා නගෝ




දෑස් නොපෙනුනත් එය අධ්‍යාපනයට බාධාවක් කර නොගනිමින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කාලා අංශයෙන් ඒ සාමාර්ථ 3 ක් හා බී සාමාර්ථ 3 ක් ලබා ගැනීමට  පුත්තලම මුන්දලම සිංහල මහා විද්‍යාලයේ  සහෝදරියෝ දෙදෙනෙක් සමත්  ව සිටිති.
ඒ බත්තුල්ඔය පිංකට්ටිය ප්‍රදේශයේ  පදිංචි සදුනි කේසලා (වැඩිමල් සහෝදරිය අක්කා A3- විභාග අංකය 6857884) හා රුක්ෂාණි කේෂලාය.  (නැගනිය B 3 - විභාග අංකය 6858635).   රුක්ෂාණි මේඛලා (නංගි)   දෙපාවල ඇති ආබාධයක් නිසා දිනෙන් දින ඇවිදීමේ අපහසුතාවයෙන්ද පෙළමින් සිටී.
කුඩා කලදීම සියැසින් (ඩී ඩී සිරිල් ප්‍රනාන්දු )රැකවරණය ලැබු  සදුනි ට පාසල් යාමට නොහැකි විය. නමුත් ඇගේ නැගණිය  රුක්ෂාණිට මද වශයෙන් ඇස් පෙණුන බැවින් ඇගේ බල කිරීම මත පාසල් යාමට සඳුනිට හැකිවූ අතර පාසලේදී ඇය බේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීය.
සදුනි වසර දෙකක්ම නිවසට වි සිටියත් ඇයගේ දැඩි ඉල්ලීම මත එම ගම්මානයේම   නීලා රෝහිනි ගුරුතුමිය බේල් මාධ්‍යයෙන්   අධ්‍යපනය ලබා දිමට ඉදිරිපත් විම නිසා මෙම සහෝදරියන් දෙදෙනාටම හලාවත බත්තුල්ඔයකනිෂ්ඨ විද්‍යාලයට ඇතුළු වීමට හැකි විය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් සදුනි   ඒ A සාමාර්ථ 7 ක් ලබා ගත් අතර   රුක්ෂාණි ද (සදුනිගේ නැගනිය)   සාමාන්‍ය පෙළ විභාගයෙන්   ඒ A සාමාර්ථ 4 ක් හා බී B සාමාර්ථ 3 ක් ලබා ගැනීමෙන් දස්කම් දැක්වූවාය.
මේ නිසාම උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා පුත්තලම මුන්දලම සිංහල මහා විද්‍යාලයට දෙදෙනාම ඇතුළත් වීමේ වරම දෙදෙනාටම හිමි විය.
මේ කලායේ සදුනි සීයා ළග ජීවත් වුවත් නැගණිය රුක්ෂාණි සිටියේ මවුලියන් ළඟය. එහෙත් සදුනි තම නැගණියද සීයාගේ කිනදය ගෙක්නා ගත්තාය. ඒ සඳහා එවක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිව සිටි සිසිර කේ ජයසිංහ  මහතා ද මැදිහත් විය.   
මේ අතර මේ අක්කා නගෝ දෙන්නාට තවත් අභියෝගක් මතු විය. ඒ නිවසේ සිට කිලෝ මීටර 15ක් පමණ දුරක් පාසලට යෑමට සිදුවීමයි. මේ අභියෝගය ජය ගැනීමටත් දැරියන් දෙදෙනාගේ ජීවිතය ගොඩ දැමීමේ අභියාගයත් ජය ගැනීමට වියපත් සීයා ඉදිරිපත් විය. තම වයස පිළිබඳව නොසිතූ මේ සීයා තම දියණියන් දෙදෙනා උදෑසන පාසලට ගෙන යෑමටත්,  පෞද්ගලික පංතියන් සදහා ගෙන ගොස් හවස් වන තෙක් එම ස්ථානයේ සිට  තම දියනියන් දෙදෙනා නිවසට  ගෙන ඒමටත්  කටයුතු කළේය. මේ තත්ත්වය මත සීයාත් පවුලේ අයත් ජීවිකාව කර ගෙන ගිය ගොවිතැන් කටයුතුද අඩාල වී ප්‍රශ්න රැසකට මුහුණ පෑහ. එහෙත් සීයා තම උත්සාහය අත් නොහළ අතර දැරියන් දෙදෙනාද කැපවීමෙන් අධ්‍යාපන කටයුතු සිදු කළහ. පවුලේ ආර්ථික තත්ත්වය දුර්වලව සිටි මොහොතේ දැරියන් දෙදෙනාගේ මාමා පවුලට උදවු උපකාර කිරීමට ඉදිරිපත් වූයේ මේ අතරේය. එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වූ අතර සිසුවියන්ගේ දක්ෂතා හඳුනාගත් සිසිර කේ ජයසිංහ ගුරු මහතා මුදල් අය නොකර සිසුවියන් දෙදෙනාට උපකාරක පන්ති පැවැත්වීමට ඉදිරිපත් වීම ඔවුන්ට මහත් සහනයක් විය.
වයලීන් වාදනය කිරීමට දක්ෂ සඳුනි කීවේ තමන්ට සංගීතයෙනුත් ඉහළට යා හැකි බවයි.  ඉගැන්වීමට අත දුන් සියලුම දෙනාටත් සෙවණැල්ලක් මෙන් සිටි සීයාටත් උදවු කළ යුතු බැවින් ඉදිරියටත් අධ්‍යාපන හදාරණ බවත් තම නැගෙනියගේ පාදවල ඇති ආබාධය සුව කර ගැනීම එකම අරමුණ බවත්  ඇය කීවාය.










«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply