Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » හදවත් රෝගියා මිය ගියේ පහරදීමෙන්ද? නැත්නම් රෝගී තත්ත්වය නිසාද?


ණය වාරික  ගෙවීම පැහැර හරින ලද යතුරුපැදියක්  රැගෙන යාම සඳහා පැමිණි සීසර්වරයෙකු ඇද වැටීමෙන් පසු මියයාමේ සිදුවීමක් වෙන්නප්පුව පොලිස් වසමෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව - උල්හිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණකුල පටබැදිගේ චමින්ද පෙරේරා නමැති හතලිස් හය හැවිරිදි පුද්ගලයෙකි.

මොහු පුද්ගලික ෆිනෑන්ස් සමාගමක සීසර්වරයෙකු ලෙස සේවය කර තිබේ.

මේ පුද්ගලයා මේ අනතුරට මුහුණ දී ඇත්තේ  (29 ) පස්වරුවේදීය.

ඔහු වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ තිබු යතුරු පැදියක් රැගෙන එම සඳහා තවත් සීසර්වරයෙකු සමග ගිය අවස්ථාවේ යතුරුපැදි හිමිකරු ඇතුළු පිරිසක් සිදුකළ පහරදීමකින් අනතුරුව පලා යාමට උත්සහා කිරීමේදී බව මේ වන විට අනාවරණය වී ඇත.  

මේ සිදුවීම අසල පිහිටි සී සී ටී වී කැමරා පද්දතියේද සටහන්ව ඇති බව වාර්තා වන අතර අප කළ විමසීමකදී වෙන්ප්පුව පොලීසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ සිද්ධියෙන් මිය ගිය සීසර්වරයා හදවත් රෝගයකින් පෙලෙන්නෙක් බවයි.

ඔහු මේ වන විට බයිපාස් සැත්කමක්ද සිදු කර ඇති රෝගියෙකු බවත්, අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී ඇති බවත්, එහිදී සිදු වූ පහරදීමකින් මොහු මිය ගියාද නැතිනම් රෝගී තත්ත්වය හේතුවෙන් මිය ගියාද යන්න තවමත් අනාවරණය වී නොමැති බවද ඔහු කියා සිටියේය.

මෳත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත මහා රෝහලට බාර දී ඇති බවත් අද දිනයේ එම පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ සිදුවීම සම්බන්ධයෙ තිදෙනෙකු මේ වන විට වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply