Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අම්මා පොඩි කොල්ලෙක් එක්ක ඉන්න එක දරාගන්න බැරි වුණා – පුතාගේ පාපොච්චාරණය

“ඔය සිද්ධිය වෙච්ච දවසේ දවල් එකොලහයි හතලිස් පහට දොළහට විතර මම ටවුමට ගියා. ඒ යද්දි ලක්මාල් කඩේ ඉන්නවා මම දැක්කා.ඒ වෙලාවේ මිනිහා ෆෝන් එකෙන් කතා කර කර හිටියේ. මට හිතුනා මේ කතා කරන්නේ අපේ අම්මත් එක්ක වෙන්න ඇති කියලා. මම අම්මට කෝල් එකක් අරගෙන බැලුවා. ඒ ෆෝන් එකත් එන්ගේජ්.ඒ වෙලාවේ මගේ හිතට ආපු තරහ මට පාලනය කරගන්න බැරිවුණා. මම කඩේට පැනලා එතන තිබුණ පිහා දෙකෙන් එකක් අරගෙන ලක්මාල්ට ඇනගෙන ඇනගෙන ගියා.
ඔය සිද්ධිය වෙච්ච දවසේ දවල් එකොලහයි හතලිස් පහට දොළහට විතර මම ටවුමට ගියා. ඒ යද්දි ලක්මාල් කඩේ ඉන්නවා මම දැක්කා.
ඒ වෙලාවේ මිනිහා ෆෝන් එකෙන් කතා කර කර හිටියේ. මට හිතුනා මේ කතා කරන්නේ අපේ අම්මත් එක්ක වෙන්න ඇති කියලා. මම අම්මට කෝල් එකක් අරගෙන බැලුවා. ඒ ෆෝන් එකත් එන්ගේජ්.ඒ වෙලාවේ මගේ හිතට ආපු තරහ මට පාලනය කරගන්න බැරිවුණා. මම කඩේට පැනලා එතන තිබුණ පිහා දෙකෙන් එකක් අරගෙන ලක්මාල්ට ඇනගෙන ඇනගෙන ගියා.
පිහි පාරවල් කාගෙන ලක්මාල් දුවන්න හදද්දී අන්තිම පාර වැදුනේ කොන්දට. මම පිහිය අතඇරලා එතනින් දුවලා ගියා. ගිහින් හැංගිලා හිටියා. දිගටම ඒ විදියට හැංගිලා ඉන්න බැරි නිසා තමයි පොලිසියට ඇවිත් බාරවුණේ.”
පිහියෙන් ඇන සිය මවගේ පෙම්වතාට බරපතල තුවාල සිදුකළ පුතා බුලත්කොහුපිටිය පොලිසියට පැමිණ බාර වීමෙන් අනතුරුව එලෙස පාපොච්චාරණය කළේය.
අත්අඩංගුවට පත් සැකකරුට එරෙහිව තිබු චෝදනාව වූයේ පිහියෙන් ඇන පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීමය.
එහෙත් ඒ වන විට ද දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර වලින් ජීවිතය ගැට ගසාගෙන සිටි ලක්මාල් ඊට පසුදා උදේ ජීවිතක්ෂයට පත්විය.
ඒ සමඟම සැකකරුට මනුෂ්‍ය ඝාතන චෝදනාව ද එල්ල විය.
එබැවින් ඔහුට රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුවිය.
සිදුවීමෙන් ඝාතනය වූයේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ පල්ලේගම, මොරොන්තොට, හපුවිට ප්‍රදේශයේ පදංචිව සිටි ප්‍රදීප් ඉන්දික ලක්මාල් නම් වූ විසිහත් හැවිරිදි අව්වාහක තරුණයෙකි.
වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ ඔහු මෙරොන්තොට නගරයේ සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන ගියේය.
ඔහු මීට වසර තුනකට පමණ ඉහත දී ප්‍රේම සබඳතාවක් ගොඩනඟාගෙන තිබුණේ තමාට වඩා බොහෝ වැඩිමහලු කාන්තාවක සමඟය.
ඇයගේ දරුවන්ද විවාහ වී සිටි අතර මවගේ මේ නොහොබිනා ක්‍රියාවලිය දරුවන්ට ප්‍රිය වූයේ නැත.
“මම කසාද බැඳලා පවුලත් එක්ක අපේ මහ ගෙදර පදිංචි වෙලා හිටියේ. ඔය කාලේ අපේ අම්මා ටවුමේ කඩයක් කරන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පවත්වනව කියල මට ආරංචි වුණා. අපේ තාත්තටත් ඒක ආරංචි වෙලා තිබුණා.
අපේ අම්මගේ මේ අනියම් සම්බන්ධය නිසා අපේ ගෙදර නිතරම ගැටුම් ඇතිවුණා. අපේ තාත්තයි අම්මයි රණ්ඩු වුණා. මේ ප්‍රශ්න නිසා තව දුරටත් අපිට ගෙදර ඉන්න බැරි තත්වයක් උදාවුණා. ඒක නිසා මම පවුලත් එක්ක එයාගේ මහගෙදර පදිංචියට ගියා.
අපේ අම්මත් ගෙදරින් ගියා. එයා එයාගේ ලොකු අම්මගේ ගෙදර නතර වුණා. ඊට පස්සේ මම රස්සාවකට රට ගියා. ඒ ගිහින් අවුරුද්දක් විතර ඉඳලා ලංකාවට ආවා.
ඇවිත් බලද්දිත් අම්ම හිටියේ ලොකු අම්මලගේ ගෙදර. ඒ විතරක් නෙවෙයි, අම්මගේ අනියම් සම්බන්ධය තවමත් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා.
මට ඒ කොල්ලව මරන්න ඕනකමක් තිබුණේ නෑ. ඒත්…..එදා මම ටවුමට ගිය වෙලාවේ මිනිහ කෝල් එකක ඉන්නවා දැක්කම මට තරහ ආවා. ඒකයි අම්මගේ ෆෝන් එකට කෝල් කරලා බැලුවේ.”
මවගේ පෙම්වතා මරා පොලිසියට බාර වූ සැකකාර තරුණයා එලෙස පාපොච්චාරණය කළේය.
පසුගිය දෙසැම්බර් මස 6 වන දින මොරොන්තොට නගරයට සුපුරුදු පරිදි හිරු උදා වූයේ වැසි අඳුර අතරිනි.
නගරය හරගා ගලා බසින ගුරගොඩ ඔය නිසොල්මනේ ගලා ගියේය.
නගරයේ වෙළෙන්දෝ තම ව්‍යාපාරික ස්ථාන විවෘත කළේ දහසක් අපේක්ෂා හදවතේ රඳවාගෙනය.
කාලය ගෙවී දහවල් 12 ට ආසන්න වන විටද නගරයේ ජනතාව හා ව්‍යාපාරික ස්ථාන හිමිකරවෝ සුපුරුදු පරිදි තම කටයුතු කර ගෙන ගියහ.
“ලක්මාල්ට පිහියෙන් ඇනලා” එකෙකුගේ කෑගසීමෙන් නගරයේ සියල්ලෝම ලක්මාල්ගේ වෙළෙදසල වෙත දිව යන්නට වූහ.
ඒ වනවිටත් ලක්මාල් පිහි ඇනුම් තුවාල සහිතව වෙළෙදසලේ බිම වැතිර සිටියේය.
එක් වූ පිරිස ඔහු ත්‍රීරෝද රථයකින් කෑගල්ල ශික්ෂණ රෝහල වෙත පිටත් කර හැරීමට කටයුතු කළහ.
රැස්ව සිටි පිරිසට පැන නැගුණු ඊළඟ ගැටළුව වූයේ මීට සම්බන්ධ කවුරුදුන් ද යන්නය.
මොරොන්තොට නගරය ආසන්නයේ පදිංචිකරුවෙකු පිළිබදව ඒ වන විටත් ඔවුන්ගේ සිත්හි සැක පහළ වී තිබිණ.
ඒ ලක්මාල් එම ප්‍රදේශයේ පදිංචි වැඩිහිටි කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පවත්වන බව දැනසිටි නිසාය.
ඇතුගලගේ ප්‍රදීප් ඉන්දික ලක්මාල් පදිංචි සිටියේ මොරොන්තොට, පල්ලේගම, හපුවිට ප්‍රදේශයෙය.
මීට වසර කිහිපයකට පෙර ලක්මාල් මොරොන්තොට නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පටන් ගත්තේ දහසක් බලාපොරොත්තු ඇතිවය.
ව්‍යාපාරික ස්ථානය දියුණු කර ගැනීමට ලක්මාල් දක්ෂයෙක් ද විය.
මේ අතරතුර අසල වෙළෙදසලකට නිතර නිතර පැමිණි තමාට වඩා වැඩි වයසේ පසුවන කාන්තාවක සමඟ ඇතිකරගත් හිතවත්කම කාලයත් සමඟ ප්‍රේම සම්බන්ධයක් බවට පත්විය.
මෙය නගරයේ කිහිපදෙනකු අතරට ගිය ප්‍රසිද්ධ රහසක් බවට පත්වීමට වැඩි කාලයක් නොගියේය.
මොරොන්තොට, හුංගම්පොල ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව විවාහක දරුවන් පවා සිටින ලක්මාල්ට වඩා වසර විසිගණනකින් වැඩිමහල් අයකු වූවාය.
ඇගේ ස්වාමි පුරුෂයා ද මෙම සම්බන්ධය පිළිබඳ දැනගත් අතර පසුව ලක්මාල් හා විටින්විට නොහොඳ නෝක්කඩු ද ඇතිකර ගත්තේය.
මව අනියම් ඇසුරක් පැවැත්වීම දරුවන්ට දරාගත නොහැකි තත්ත්වයකි.
විශේෂයෙන්ම වැඩිහිටි දරුවන්ට එය අපහාසයකි.
ලක්මාල් හා අනියම් ඇසුරක පැටලුන එම කාන්තාවගේ පුතා ලක්මාල්ට පිහියෙන් අනින්නේ ලැජ්ජාව, දුක මෙන්ම ඔහු කෙරෙහි මෙන්ම මව කෙරෙහිද ඇති වූ වෛරය පිරිමසා ගැනීම උදෙසාය.
පිහිපහරට ගොදුරු වූ ලක්මාල් අසලට දිව ආ පිරිස දුටුවේ ඔහුගේ කොන්දේ පිහිය ඇනී තිබෙන අයුරුය.
ඔවුන් ලක්මාල් රෝහලට රැගෙන යන්නේ පිහිය කොන්දේ ඇනී තිබියදීමය.
එලෙස ටික දුරක් රැගෙන යද්දී කොන්දේ ඇනී තිබූ පිහිය වැටෙන අතර කෑගල්ල රෝහලට ඇතුලත් කෙරුණ ලක්මාල් මහනුවර මහරෝහල වෙත පිටත්කර යැවීමට කෑගල්ල රෝහල් බලධාරීහු කටයුතු කළහ.
මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයක් නොමැති බැවින් ඔහු පේරාදෙණිය රෝහලට මාරු කර යැවිණි.
එහි දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර සූත්‍ර වලින් දින කිහිපයක් ජීවත් වූ ලක්මාල් පසුව මිය ගියේය.
ඒ අනියම් ඇසුරකට පැටලී ඝාතනය වූ සිය දහස් ගණන් පුරුෂයන් අතරට ලක්මාල් යන නාමයද එක්කරමිනි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply