container අනාරක්ෂිත තැනක සිට ලිංගිකව හැසිරුණ ගණිකාවක් මියයයි - පොලිසිය පරීක්ෂණ පවත්වයි - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අනාරක්ෂිත තැනක සිට ලිංගිකව හැසිරුණ ගණිකාවක් මියයයි - පොලිසිය පරීක්ෂණ පවත්වයි





මහල් ගොඩනැගිල්ලක සඳලුතලය මතින් ඇද වැටී මියගිය තරුණියක් පිළිබඳව විදෙස් වෙබ් අඩවිවල විශේෂ අවධානය යොමුව තිබෙනවා.
ඒ, වෘත්තියෙන් ගණිකාවක් වූ මෙම තරුණිය එම අනතුරට පත් වූ හේතුව නිසා යි.
තායිලන්තයේ පතායා නගරයේ ගණිකාවක් ලෙස කටයුතු කර ඇති ඇය මෙසේ ඇද වැටී ඇත්තේ මහල් ගොඩනැගිල්ලක උඩුමහලේ සඳලුතලය මත අනාරක්ෂිත ස්ථානයක සිට ලිංගිකව හැසිරෙමින් සිටියදී.
ලොව ලිංගික සේවා සැපයීමේ දී තායිලන්තය ප්‍රමුඛ රටක් වන අතර ගණිකාවන් ඇසුරු කිරීමටම ලොව බොහෝ රටවල් වලින් විශාල වශයෙන් සංචාරකයින් එම රටට පැමිණෙනවා.
මෙම සිද්ධියේ දී මියගොස් ඇති තරුණිය ද ලිංගිකව එක්වෙමින් සිට ඇත්තේ එලෙස පැමිණි විදෙස් සංචාරකයෙකු සමගයි.
‍මෙම සංචාරකයා බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු බව මේවන විට අනාවරණය වී ඇති අතර ඔවුන් දෙදෙනා මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලක ඉහල මාලයේ ඇති සඳලුතලය මත අනාරක්ෂිත ස්ථානයක ලිංගිකව හැසිරී ඇති අතර එම කාර්යය නිසාම හදිසියේ තරුණිය ඉන් බිමට ඇද වැටී තිබුණා.
අනතුරෙන් අදාළ තරුණියගේ හිසට දරුණු තුවාල සිදුවී ඇති අතර ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සැකපිට අදාළ බ්‍රිතාන්‍ය ජාතික තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මියගිය කාන්තාව සතුව තිබී ලිංගික උත්තේජක පෙති වර්ගයක්ද පොලිසිය සොයා ගෙන තිබූ අතර එම පෙති අඩංගු පැකට්ටුවෙන් භාගයක්ම අවසන් වී ඇති බව ද අනාවරණ වුණා.
මෙලෙස ඇය අනතුරට පත්වීමත් එම ලිංගික උත්තේජකයක් අතර සබඳතාවක් ඇද්දැයි එරට පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply