Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කාලි මෑණියන්ට හොර,බොරු,වංචා කළ අයෙකුට වෙච්ච දේ ගැන ස්වාමි හෙළි කරයි


කාලි මාතාව කෙරෙහි විශ්වාසය තබන බැති මතුන් ඇයට පුජෝපාහාර කර ඇයගේ පිහිට පතන්නේ බලාපොරොත්තුවෙනි.එකී අරමුණු ඉෂ්ටසිද්ධ කරගැනීම සදහා දහස් ගණනින් බැතිමතුන් ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට ඇදී එන බව ප්‍රධාන පූජක මහේන්ද්‍රා සාමි පවසයි.
එහෙත් ඇතැම් බැතිමත්තු මෑණියන්ට පූජොපහාර ඉටු කර පිහිට පැතුවද නිසි වත් පිළිවෙත් නුපුරති.එවෙනි අයට සර්ථාප ප්‍රථිපඵ නොලැබෙන බව මහෙන්ද්‍රා සාමිගේ අදහසය.
සමහර අය අනුන් කරන්නා වාලේ කෝවිලට ඇවිත් පූජාපෝහාර ඉටුකර යනවා. ඔවුන් කෝවිලට ඇවිත් වන්දනාමාන කරන්නේ දෙගිඩියාවෙන්.එහෙම අයට පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ. සමහර අය ඇවිත් අධික ලෙස වියදම් කර මෑණීයන්ට පූජෝපාහාර පවත්වනවා.ඒත් ප්‍රථිපලයක් නෑ.එහෙම වෙන්නේ ඔවුන් නිසි වත් පිලිවෙත් පුරන්නේ නැති නිසයි. පූජා වට්ටියක් තඹා දින ගණනක් යන තුරු වත් පිළිවෙත්වල පිහිටන්න ඕන.එතකොට තමයි ප්‍රථිපල ලැබෙන්නේ.
මේ ළගදි පානදුර පැත්තේ ඉදලා බස් රියකින් නඩයක් ආවා.ඒ නඩයේ 20ක් 30ක් පමණ හිටියා.ඒ අය වන්දනා ගමනක් යන ගමන් මුන්නේෂ්වරම ශ්‍රී ප්‍රත්‍යාන්ගීරා අම්මාන් කෝවිලට ඇවිත් හිටියේ . ඒ අය මෑණියන් වෙනුවෙන් පූජෝපහාර දක්වලා ආශිර්වාද ලබා ගත්තා.මතුරපු දෙහි ගෙඩි කපලා ඉස්තෝත්‍ර කියලා මම ඒ අයට අශිර්වාද කරා.කහ නූල් බැන්දා.
ඊට සතියකට විතර පස්සේ කළින් ආපු නඩයේ 3ක් 4ක් කෝවිලට ආවා . ඒ අය මට කීවේ මෙහෙම දෙයක්.
සාමි එදා අපි කෝවිලට ඇවිල්ලා පුද පුජා තියලා ගියා මතකද. දින දෙකකට පස්සේ අපේ අයෙක්ට නින්ද ගිහින්ම නෑ. නින්ද යාගෙන එනකොට එයාව කව්දෝ ඇවිත් බය කරනවා.මෙයාට නිදාගන්නම දෙන්නේ නැතිලූ කියලා ඒ ආපු කෙනෙක් තවත් අයෙකුව පෙන්නලා කීවා. ඉතින් මම ඒ අත්දැකීමට මුහුණු දුන්න අයගෙන් ඇහුනා මොකද වුණේ කියලා.
අපි එදා කෝවිලට ඇවිල්ලා ගිහින් දවස් දෙකකට පස්සේ ඉදලා මට නිදාගන්න බැරි වුණා. කව්දෝ කෙනෙක් ඇවිත් මාව බය කරනවා. සමහර වෙලාවට ඇදෙන් බිමට දාන්න හදනවා. ඇදුරෙක් ගෙනල්ලා නූලකුත් බැන්දා . ඒත් හරි ගියේ නෑ.පස්සේ බැරිම තැන එදා කෝවිලට ආපු වෙලාවේ ඔබ තුමා මගේ අතේ බැන්ද කහ නූල ගලවලා ඉවත් කළා. ඊට පස්සේ මට නින්දෙදි කිසිම කරදරයක් වුණේ නෑ. හොදට නින්ද ගියා . ඉතින් මට මේ සිද්ධිය ප්‍රෙෙහ්ලිකාවක් වුණා. මෑණියන්ට පේවුණ කහ නූල නිසා එහෙම දෙයක් වුණේ ඇයි කියලා ඒ පුද්ගලයා මට කීවා.
පස්සේ දිගින් දිගටම ප්‍රශ්න කළා. එතකොට තමයි එයා කීවේ . යාළුවෙකුගේ පාටියට ගිහින් එයාට උරූ මස් , හරක් මස් කැවුණා කියලා . ඇත්තටම මම එයාගේ අතේ බැන්ද කහ නූලේ අනුහස් ඒ සිද්ධියෙන්ම පැහැදිලි.එතනින් පෙන්නුවේ අම්මාගේ බලය.එහෙම පූජාවක් තිබ්බාම දින ගණනක් යනකල් කිල්ලට අහුවෙන දේ වලින් වලකින්න ඕන. හරක් මස් උරු මස් වගේ දේවල් කන්න හොද නෑ.පේවිලා ඉන්න ඕන. ඉතින් මම බැන්ද කහ නූලේ බලය හින්දා තමයි එයාට නින්දෙදි විකාර රූප පෙනුනේ. එයා ඒ නූල ගැලෙව්වම විකාර රූප,බයගැන්වීම් පෙනුනේ නෑ.
ඒ නිසයි මම කියන්නේ මැණියන්ට කැප වුණාම.ඉන් නිසි ප්‍රථිපල ගන්න වත් පළිවෙත් පුරන්න ඕනි කියලා.කාලි මැණියන්ගේ බලය මේ සිද්ධියෙන්ම පේනවා.මේක කාටත් පාඩමක්.
පස්සේ ඒ කෙනා මැණියන්ගෙන් සමාව අරන් කහ නූල අළුත් කරගෙන ගියා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply