Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ලෝක විනාශයට මිනිත්තු දෙක හමාරයි

ක්‍රි.ව 2017 ජනවාරි මස පරමාණුක විද්‍යාඥයින් ගේ බුලටිනය එක්කාසු වී සංකේතාත්මක ‘කාලත්‍ර ඝටිකාව’ හෙවත් Dooms Day Clock හි වේලාව මධ්‍යාහ්නයට මිනිත්තු දෙක  හමාරක් වන ලෙස වේලාව සකසන ලදි”
ඔබ ලෝකයේ යුධමය හා දේශපාලනමය වාතාවරණය ගැන හෝ න්‍යෂ්ඨික හා පරමාණුක විද්‍යාව හෝ අවි ගැන උනන්දුවක් දක්වන්නෙක් නම් ඉහත සඳහන් පුවත අනිවාර්යයෙන්ම ඔබේ නෙත ගැටෙන්නට ඇති. එයින් කියැවෙන දේ අවබෝධ කරගන්නට ඇති. තවත් සමහරෙක්ට මෙය නෙත ගැටුණත් ඒ කුමක්ද හා එයින් ලෝකයට දෙන පණිවිඩය කුමක්දැයි නිසි අවබෝධයක් ලබා ගැනීමට අපහසු වෙන්නට ඇති. දන්නා නොදන්න හා දැන ගැනීමට ආශාවෙන් පෙළෙන සියළු දෙනාම වෙනුවෙන් අද අපි ඔබ වෙත ගෙන එන්නේ ‘කාලත්‍ර ඝටිකා’ සංකල්පය ගැන හා වර්ථමානයේ එහි හැසිරීම පිළිබඳවයි.
affinitymagazine.us
ඇත්තෙන්ම මේ ‘කාලත්‍ර ඝටිකා’ සංකල්පය ගෙන ඒමෙන් අනතුරුව එය මධ්‍යාහ්නයට දෙවැනියට ආසන්නතම වූ අවස්ථාවයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනපති ලෙස පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ඨික අවි පිළිබඳව පළ කළ අදහසුත්, උතුරු කොරියාව සමඟ ඇති ආරෝවත් අයි. එස්. අයි එස් ත්‍රස්තයන්ගේ ගැටළුවත් නිසා මෙසේ මෙම ඝටිකාවේ වේලාව මධ්‍යාහ්නයට තත්පර බාගයකින් ලං කරන්නට සිදු වී තිබෙනවා. එනම් සංකේතාත්මකව න්‍යෂ්ටික අවි නිසා ලෝක විනාශය සිදු වීමට ළං ව තිබෙනවා. මේ සංකල්පය ගෙන ඒමෙන් අනතුරුව න්‍යෂ්ඨික විනාශයකට ලෝකය ලක් වීමට ආසන්නම වූ අවස්ථාව ලෙස දැක්වෙන්නේ 1953 දී ඇමෙරිකාව හයිඩ්‍රජන් බෝම්බය අත්හදා බැලූ අවස්ථාවයි. එදා මෙම ඝටිකාව දැක්වුණේ මධ්‍යාහ්නයට මිනිත්තු 2කක් ලෙසයි.

‘කාලාත්‍ර ඝටිකා’ සංකල්පයේ ඇරඹුම

1947 වර්ශයේදී පරමාණුක විද්‍යාඥයන්ගේ බුලටීනය විසින් ‘කාලත්‍ර ඝටිකා’ සංකල්පය කරලියට ගෙනාවා. මේ බුලටීනයේ ආරම්භය සිදු වූයේ 1945 ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී පරමාණුක අවි නිපදවීමට සහය දුන් විද්‍යාඥයින් පිරිසකගේ එකතුවක් ලෙසයි. මෙහි කටු සහිත සරළ ඔරලෝසුවක මුහුණතක් දැක්වෙන අතර මධ්‍යාහ්න 12 ට මිනිත්තු කීපයක් ඇති ලෙස වේලාව සකසා තිබෙනවා. කාලත්‍ රඝටිකාවේ මධ්‍යාහ්න 12 වීමට පෙර ඇති මිනිත්තු ගණනින් ලෝකය ව්‍යසනයට ලක්වීමට දක්වන නැඹුරුතාවය පෙන්නුම් කරනවා. මධ්‍යාහ්න 12 සනිටුහන් වීම යනු ලෝක විනාශයයි. 1947 එලිදක්වන විට මෙහි මුලින්ම වේලාව සටහන් කර තිබුණේ රාත්‍රී 11.53 හෙවත් මධ්‍යාහ්නයට මිනිත්තු 7ක් තිබෙන පරිදියි.
කාලත්‍ර ඝටිකාව කාලය සමඟ විචල්‍ය වූ අයුරු – bbc.com
අද වන විට මේ ‘කාලත්‍ර ඝටිකා’ ව සකසන බුලටීනයේ භෞතික විද්‍යාඥයින්, පරිසර විද්‍යාඥයින් වැනි අයද ඇතුලත්ව සිටින අතර තීරණාත්මක අවස්ථා වලදී ඔරලෝසුවේ වේලාව සැකසීම සිදු වන්නේ නොබෙල් සම්මාන ලාභීන් පහළොස් දෙනෙක්ගෙන් සෑදුණු අනුශාසක කමිටුවක මාර්ගෝපදේශනය ඔස්සේයි.

ඉතිහාසයේ කාලත්‍ර ඝටිකාවේ‘ වේලාව වෙනස් වුණු තීරණාත්මක අවස්ථා

1947 (මධ්‍යාහ්නයට මිනිත්තු 7යි) – කාලත්‍ර ඝටිකාවේ මුල්ම එළි දැක්වීම සිදු වුණා. මේ මඟින් අපේක්ෂා කෙරුණේ එවකට ඇමරිකාව වැනි රටවල් පර්යේෂණ පවත්වමින් සිටි පරමාණුක හා න්‍යෂ්ඨික අවි වල අවදානම ගැන පාලකයන් හා ලෝක ජනතාව දැනුවත් කිරීමයි.
pinterest.se
1949 (මධ්‍යාහ්නයට මිනිත්තු 3යි) – රුසියානුවන් විසින් ප්‍රතික්ෂේප කළත් ඔවුන් තමන්ගේ පළමු න්‍යෂ්ඨික අවිය අත්හදා බැලූ බව ඇමෙරිකානු ජනපති හැරී ටෲමන් ප්‍රකාශ කළා. මේ නිසා කලබල වූ බුලටිනය ඇමෙරිකානු ජනතාව දැනුවත් කළේ ලෝක විනාශය තවමත් ලඟ නැති මුත් පරමාණු බෝම්බ හිස මත වැටීමේ අවදානමක් ඉදිරියේදී පැන නඟිනු ඇති බවයි.
1953 (මධ්‍යාහ්නයට මිනිත්තු 2යි) – විවිධ හැල හැප්පීම් හා මත ගැටුම් අතරින් ඇමෙරිකා එක්සත් ජනපදය සිය පළමු හයිඩ්‍රජන් බෝම්බය අත්හදා බැලුවා. 1952 ඔක්තෝබර් මාසයේ සිදු වූ එම අත්හදා බැලීම අනුව යමින් ඊට මාස 9 කට පසුව රුසියාවද එවැන්නක් අත්හදා බැළුවා. මේ ගැන නිවේදනයක් කරමින් බුලටීනය පැවසුවේ තමන් කාලත්‍ර ඝටිකාවේ වේලාව තවත් මිනිත්තුවක් මධ්‍යාහ්නයට ලං කළ බව හා නුදුරේදීම මොස්කව් සිට චිකාගෝ දක්වා සිදුවන පරමාණු බෝම්බ පිපිරීම් වලින් බටහිර ශිෂ්ඨාචාරය විනාශ වනු ඇති බවයි. මේ ඉතිහාසයේ කාලත්‍ර ඝටිකාව මධ්‍යාහ්නයට ළං ම වූ අවස්ථාවයි.
හයිඩ්‍රජන් බෝම්බයකින් හානි සිදු වන වපසරිය පරමාණු බෝම්බයකටත් වඩා වැඩියි-pinterest.com
1960 (මධ්‍යාහ්නයට මිනිත්තු 7යි) – බටහිර රටවල් වල සිදු වූ දේශපාලන සංහිඳියාවන් නිසා හා ඊජිප්තු- ඊශ්‍රායල් ගැටළුව විසඳීමට රුසියානු සමූහාණ්ඩුව උනන්දුව ක්‍රියා කිරීම ඇතුළු හේතු නිසා ලෝක සාමයට තිබූ තර්ජනය අඩු වීමත්, ඇමෙරිකාව හා රුසියාව අතර තිබූ ආරවුල් වල යම් අඩුවක් දක්නට ලැබීම නිසා ඇමෙරිකානු හා රුසියානු විද්‍යාඥයින්ට සිය දැනුම හුවමාරු කර ගැනීමට හැකි වීමත් නිසා බුලටීනයේ විද්‍යාඥයින් නැවතත් කාලාත්‍ර ඝටිකාව මධ්‍යාහ්නයට මිනිත්තු 7ක් දක්වා ආපස්සට කරකවන්නට තීරණය කළා.
1963 (මධ්‍යාහ්නයට මිනිත්තු 12 යි) – දශකයක පමණ තරඟකාරී න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් වලින් පසු ඇමෙරිකාවත් රුසියාවත් පාර්ශ්වික අත්හදා බැලීම් වලින් වැළකීමේ සම්මුතියකට අත්සන් කළා. මේ නිසා බොහෝ න්‍යෂ්ඨික අවි පරීක්ෂණ නවතා දැමුණා. ඇමෙරිකාවත් රුසියාවත් න්‍යෂ්ටික අවි වලින් සිදු විය හැකි ලෝක විනාශය පිළිබඳව දැනුවත් වූ බවක් පෙන්වීම හා එය වැලැක්වෙන සේ කටයුතු කිරීම නිසා ඝටිකාව තවත් ආපස්සට කැරකුණා.
1968 (මධ්‍යාහ්නයට මිනිත්තු 7 යි) – ලෝක සාමයට තර්ජනයක් එල්ල කරමින් වියට්නාම ඇමෙරිකානු යුද්ධය ඇවිලුණා. ඊට අමතරව 1965 ඇවිළුණු ඉන්දු පාකිස්ථාන යුද්ධයත් අරාබිකරයේ ආරවුලුත් , ප්‍රංශය හා චීනය න්‍යෂ්ටික බලය අත්හදා බැලීමට සූදානම් වීමත් නිසා නැවතත් මිනිත්තු 5 ක් ඉදිරියට ඝටිකාව කැරකුණා.
වියට්නාම යුද්ධය ලෝක සාමයට තර්ජනයක් වුණා-thoughtco.com
1969 (මධ්‍යාහ්නයට මිනිත්තු 10 යි) – ලෝකයේ බහුතරයක් රටවල් එක්කාසු වී න්‍යෂ්ඨික අවි තව දුරටත් ලොව පැතිර යාම වැළක්වීමට ගිවිසුම් ගැසුවා. මේ මඟින් බොහෝ රටවල් න්‍යෂ්ටික ශක්තිය අවි වෙනුවෙන් නොව බලශක්තිය සඳහා යොදා ගැනීමට යොමු වෙන ආකාරයක් පෙන්නුම් කෙරුණා. ඊශ්‍රායලය, ඉන්දියාව හා පාකිස්ථානය මෙයට විරුද්ධ වුවද මේ ප්‍රවනතාවය නැවතත් කාලත්‍ර ඝටිකාව ආපස්සට කරකැවීමට ප්‍රමාණවත් වුණා.
1972 (මධ්‍යාහ්නයට මිනිත්තු 12 යි) – ඇමෙරිකාව හා රුසියාව විසින් අත්සන් කළ උපක්‍රමික ආයුධ සීමා කිරීමේ පනත හා ප්‍රති බැලස්ටික් මිසයිල පනත නිසා න්‍යෂ්ඨික විනාශයක් ලොවට සිදුවීමේ නැඹුරුතාවය තව අඩු වී ඇති බව බුලටිනය විසින් තීරණය කළා.
1974 (මධ්‍යාහ්නයට මිනිත්තු 9 යි) – ඉන්දියාව සිය පළමු න්‍යෂ්ඨික අවිය අත්හදා බැලීමත් ඇමෙරිකාව හා රුසියාව ගිවිසුම් ප්‍රකාර අවි අයුධ සීමා කරනු වෙනුවට නව්‍යකරණය කරන සේයාවක් පෙනීමත් නිසා කාලත්‍ර ඝටිකාව නැවතත් ඉදිරියට යැවුණා.
1980 (මධ්‍යාහ්නයට මිනිත්තු 7 යි) – සෝවියට් රුසියාව හා ඇමෙරිකාව සිය ආරක්ෂාව තහවුරු කිරීමේ විශේෂ ආයුධ ලෙස න්‍යෂ්ඨික අවි හැඳින්වීම නිසා ඝටිකාවේ තවත් මිනිත්තු ඉදිරියට යවන ලදි.
1981 (මධ්‍යාහ්නයට මිනිත්තු 4 යි) – සෝවියට් රුසියාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම නිසා නොසතුටට පත් ඇමෙරිකාව න්‍යෂ්ඨික අවි බලය වැඩි කර ගැනීමත්, 1980 මොස්කව් ඔලිම්පික් උළෙල ඇමෙරිකාව විසින් වර්ජනය කිරීමත්. ජනපති රේගන් විසින් අවි සීමා කිරීමේ පනත් වලට අත්සන් තැබීම ප්‍රතික්ශේප කිරීමත් නිසා න්‍යෂ්ඨික යුද්ධයක් ඇවිලෙන ලකුණු ලොව පුරා ව්‍යාප්ත වුණා.
සෝවියට් රුසියාව ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම ඇමෙරිකාවේ සතුටට හේතු වුණේ නැහැ-nbcnews.com
1984 (මධ්‍යාහ්නයට මිනිත්තු 3 යි) – මේ වන විට රුසියාව හා ඇමෙරිකාව සියළුම ද්වී පාර්ශ්වික සබඳතා නවත්වා තිබුණා. දෙපාර්ශ්වයම ඕනෑම අවස්ථාවකට සූදානම්ව අවි බලය තර කර ගැනීම බුලටීනයේ භීතියට හේතු වුණා.
1988 (මධ්‍යාහ්නයට මිනිත්තු 6 යි) – අවසානයේ සෝවියට් රුසියාව හා ඇමෙරිකාව ඓතිහාසික මධ්‍ය දුර න්‍යෂ්ඨික අවි සම්ම්තියට එළැඹුණා. මෙමගින් දිගු දුර න්‍යෂ්ඨික අවි තහනම් වුණු අතර කාලත්‍ර ඝටිකාව මිනිත්තු තුනක් ආපස්සට කැරකැවීමට එය ප්‍රමාණවත් වුණා.
1990 (මධ්‍යාහ්නයට මිනිත්තු 10 යි) – 1990 වන විට සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීම නිසා ඔවුනට න්‍යෂ්ඨික යුද්ධයක් කිරීමට අවශ්‍ය බලය හා කාලය හීන වුණා. 1989 දී බර්ලින් තාප්පයත් බිඳ වැටුණේ ජර්මනිය එක්සේසත් කරමින්. මේ නිසා ලෝක සාමය මඳක් තහවුරු වුණා.
1991 (මධ්‍යාහ්නයට මිනිත්තු 17 යි) – ශීතල යුද්ධය නිල වශයෙන් නිමා වීමත් සමඟ රුසියාව සිය න්‍යෂ්ඨික අවි බලය දැඩි ලෙස කපා හැරියා. ඇමෙරිකාවද මේ නිසා න්‍යෂ්ඨික අවි කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූයේ නෑ.  මේ ප්‍රවණතා කාලත්‍ර ඝටිකාව ඉතිහාසයේ මධ්‍යාහ්නයෙන් ඈත්ම වූ වේලාව හෙවත් 11.43 සටහන් කිරීමට ප්‍රමාණවත් වුණා.
1995 (මධ්‍යාහ්නයට මිනිත්තු 14 යි) – ලෝකයම සිතූ පරිදි ඇමෙරිකාව සම්පූර්ණයෙන් න්‍යෂ්ඨික අවි අතහැරියේ නැහැ. ඔවුන්ගේ තර්කය වුණේ රුසියාව තවමත් තර්ජනයක් විය හැකි බවයි. මේ වන විට ලොව පුරා න්‍යෂ්ඨික අවි 40000ක් පමණ තිබුණු අතර ත්‍රස්තවාදීන් විසින් ඒවා පිපිරවීමේ බියක්ද පැවතීම නිසා ඝටිකාවේ මිනිත්තු තුනක් ඉදිරියට කරකැවීමට බුලටිනය තීරණය කරනවා.
1998 (මධ්‍යාහ්නයට මිනිත්තු 9 යි) – ඉන්දියාව හා පාකිස්ථානය ලඟ ලඟ න්‍යෂ්ටික අවි අත්හදා බැලීමත් ඇමෙරිකාව හා රුසියාව ගිවිසුම් වලට පිටින් යමින් සක්‍රීයව න්‍යෂ්ඨික අවි ලඟ තබා ගැනීමත් නිසා නැවතත් මධ්‍යාහ්නයට මිනිත්තු 9ක් දක්වා කාලත්‍ර ඝටිකාවේ වේලාව ඉදිරියට යනවා.
2002 (මධ්‍යාහ්නයට මිනිත්තු 7 යි) – ඇමෙරිකාව ප්‍රති බැලස්ටික් මිසයිල ප්‍රතිපත්තියෙන් ඉවත් වී නව අවි සෑදීමත්, ත්‍රස්තවාදීන් විසින් කළ හැකි න්‍යෂ්ඨික ප්‍රහාරයක් ගැන ලෝක මට්ටමින් භීතියක් පැතිරීමත් නිසා 11.53 දක්වා ඝටිකාවේ වේලාව ඉදිරියට ගියා.
උතුරු කොරියානු න්‍යෂ්ඨික අවි-thenewdaily.com.au
2007 (මධ්‍යාහ්නයට මිනිත්තු 5 යි) – මේ වන විට රුසියාව හා ඇමෙරිකාව සිටියේ න්‍යෂ්ඨික යුද්ධයක එළිපත්තේ. මේ අතර උතුරු කොරියාවත් න්‍යෂ්ඨික අත්හදා බැලීමක් කරනවා. ඒ වාගේම ඉරානයත් සිටින්නේ සිය න්‍යෂ්ඨික ශක්තිය උරගා බැලිය යුතු යැයි මතයකයි. මීට අමතරව කාළගුණ විපර්යාසත් රට රට වලට බලපෑම් එල්ල කරනවා. අවසානයේ ඝටිකාවෙන් තවත් මිනිත්තු දෙකක් ඉදිරියට යැවීමට තීරණය කෙරෙනවා.
2010 (මධ්‍යාහ්නයට මිනිත්තු 6 යි) – පරමාණුක විද්‍යාඥයන්ගේ බුලටීනය විසින් අපහසුවෙන් ඇමෙරිකාව හා රුසියාව අවි සීමා කිරීමේ පනතකට ගෙන එන්නට උත්සාහ දරන අතර එය සාර්ථක වන ලකුණු පෙන්වනවා. තවදුරටත් දේශගුණික විපර්යාස සිදු වුවත් කෝපන්හේගන්හි පැවැත්වූ සමුළුවකින් පසු බොහෝ රටවල් සිය කාබන් විමුක්ත කිරීම සීමා කිරීමට එකඟ වීම නිසා නැවතත් මිනිත්තුවකින් ඝටිකාවේ වේලාව ආපස්සට යනවා.
2012 (මධ්‍යාහ්නයට මිනිත්තු 5 යි) – .දිගින් දිගටම පවතින් කාළගුණික විපර්යාස නිසාත්, මැද පෙරදිග, උතුරු කොරියාවේ හා දකුණු ආසියාවේ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම සිදු වීමත් නිසා න්‍යෂ්ඨික අවි පාලනය කිරීමටත් න්‍යෂ්ඨික බලාගාර වල ආරක්ෂාව තර කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාව ගැන ජගත් මට්ටමෙන් සාකච්ඡා ඇති වෙනවා. මේ නිසා ඝටිකාව තවත් මිනිත්තුවක් ඉදිරියට යනවා.
2015 (මධ්‍යාහ්නයට මිනිත්තු 3 යි) – දැඩි ලෙස බල පවත්නා කාළගුණ විපර්යාසත්, න්‍යෂ්ඨික අවි වල තාක්ෂණය වැඩි දියුණු වීමත්, ඇමෙරිකාව හා රුසියාව යුහුසුළුව නැවතත් න්‍යෂ්ඨික පර්යේෂණ වල නිරත වීමත් නිසා තවත් මිනිත්තු දෙකකින් වේලාව ඉදිරියට ගෙන එන්නට බුලටිනය තීරණය කරනවා.
newsweek.com
ක්‍රි.ව 2015 සිට 2017 වන තුරුම කාලත්‍ර ඝටිකාව පැවතුණේ මධ්‍යාහ්නයට මිනිත්තු තුනක් ඇති පරිදි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමත් සමඟ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශත් සමඟ එය මිනිත්තු 2 හමාරක් දක්වා අඩු වුණා. අද දවස වන විටත් තත්වයේ කිසිදු හොඳක් සිදු වී නැහැ. විශේෂයෙන් යුරෝපා රටවල සිදු වන අයි.එස්.අයි.එස් ත්‍රස්තාවාදීන්ගේ ක්‍රියාකාරකමුත්, උතුරු කොරියාවේ අත්තනෝමතික හැසිරීමත් නිසා ලෝකය සිටින්නේ න්‍යෂ්ඨික යුද්ධයක එළිපත්තක යැයි කීම බොරුවක් නොවෙයි. මේ තත්වය හැකි ඉක්මණින් පෙර අවස්ථාවලදී මෙන් ආපස්සට ගන්නට කිසිවෙක්ට නොහැකි වුවහොත් ළඟදීම තවත් මිනිත්තුවක් ඉදිරියට කාලත්‍ර ඝටිකාව ගමන් කරනු ඇති. එය ඉතිහාසයේ නොවූ විරූ දෙයක් වන අතර එතැන් සිට න්‍යෂ්ඨික යුද්ධයක් ඇති වීමට එක් වැරදි තීරණයක් පවා ප්‍රමාණවත් වෙනු ඇති. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපීමට වත් නොහැකි තලයකට යන තෙක් නොඉඳ ප්‍රශ්ණ විසඳා ගැනීමට ලෝක පාලකයන්ට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply