container මහේලට වෙන අලුත්ම දේ - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මහේලට වෙන අලුත්ම දේ



ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන සිය පුද්ගලික ජීවිතයේ අලුත්ම වෙනසක් ඇති කරගෙන තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව මුල් තැනට ගෙන තිබූ ඔහු මේ වනවිට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිය වේලාව හා කැපවීම වැඩි කර තිබෙන අතර ඉදිරියේදී ව්‍යාපාර පුළුල් කරගෙන ලංකාවෙන් පිටතට සිය ව්‍යාපාර ගෙනයාමට සැලසුම් සකස් කර ගෙන තිබේ. මහේලගේ පවුල සම්බන්ධ වෙනසක් ගැනද මේ වනවිට අන්තර්ජාලයේ තහවුරු නොකළ ආරංචි පැතිර යන අතර ඔහුගේ මේ ඉදිරිගමන ලහිලහියේ සිදුවන්නේ සියලු කලබලයන් මැදය.

මහේල හා සංගක්කාර දෙදෙනාට අයත් කොළඹ පිහිටි ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්‘ කකුළු අවන්හල මේ වනවිට ලෝකයේ හොඳම අවන්හල් 50 ඇතුළට ඇතුළත් වීමේ සාර්ථකත්වය ළඟා කරගෙන තිබෙන අතර ලංකාවටද කීර්තියක් අත්කරදී තිබේ. 

මහේල සිය විවාහක බිරිය ක්‍රිස්ටිනාගෙන් නීතියෙන් වෙන්වූ බවටත් දරුවා ඇය භාරයේ තබන ලද බවටත් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ තහවුරු නොකළ ආරංචි පැතිර තිබෙන අතර මහේල ඒ සම්බන්ධයෙන් කිසිවක් තවම ප්‍රකාශ කර නැත.

මහේල මේ දිනවල වඩාත් උනන්දුවෙන් සිටින්නේ සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සම්බන්ධයෙනි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply