container ඒඩ්ස් හැදුණ නිසා තැන වෙනස් කළා - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඒඩ්ස් හැදුණ නිසා තැන වෙනස් කළා

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට සම්භාහන ආයතන හතු පිපෙනවාටත් වඩා වේගයෙන් බිහි වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් මින් බහුතරයක සිදුවන්නේ සම්භාහනය නොව ගණිකා ජාවාරම බව ප්‍රසිද්ධ රහසක්.
තත්ත්වය එසේ තිබියදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කල් ඉකුත් වූ සහතිකයක් භාවිත කර වෙනත් නම්වලින් සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යන ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.
නුගේගොඩ නාවල ප්‍රදේශයේ ඇති මෙම මධ්‍යස්ථානය පිටතට දිස්වන්නේ සම්බාහන ආයතනයක් සහ රූපලාවන්‍යාගාරයක් ලෙසයි.
එහෙත් මෙහි සිදුවන්නේ කාන්තාවන් මුදලට අලෙවි කිරිමේ ගණිකා ජාවාරමක් බව වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් තහවුරු කරගත්තා.
ඉන් පසුව දුරකතන ඇමතුමක් මගින් කාන්තාවන් වෙන් කරවාගත් නිලධාරීන් එම කාන්තාවන් පරිභෝජනය කිරීමට යන ලෙස ගොස් මෙම ස්ථානය වටලනු ලබනවා.
එහි දී එම ආයතනයේ කළමනාකාරිණිය ලෙස කටයුතු කළ තැනැත්තිය පවසා සිටියේ මෙම ව්‍යාපාර හිමි පුද්ගලයා මීට පෙර ලියාපදිංචි කර තිබූ සම්බාහන මධ්‍යස්ථානයේ ද ගණිකා ව්‍යාපාරයක් සිදුකළ අතර එහි සිටි ඒඩ්ස් රෝගී ගණිකාවක් අනාවරණය වූ බවයි.
මෙනිසා එම ආයතනයේ නම ව්‍යාජ ලෙස වෙනස් කර මෙලෙස නැවතත් පවත්වාගෙන යන බවයි ඇය හෙළිකර සිටියේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply