Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ගුරුවරයකුට සිසුන් පිරිසක් පුටු කැඩෙනතුරු පහර දෙයි - ගුරුවරයාට බරපතල තුවාල


කිළිනොච්චිය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේම ගුරුවරයෙකුට පහරදීම නිසා එම ගුරුවරයා බරපතල ලෙස තුවාල ලබා 23 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබෙනවා. පහරකෑමට ලක් වූ ගුරුවරයා මෙම සිසුන්ට විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් දඬුවම් කර ඇති අතර ඉන් පැයකට පමණ පසුව මෙම සිසුන් පිරිස පැමිණ ගුරු විවේකාගාරයේ සිටි ගුරුවරයාට විවේකාගාරයේ තිබූ පුටුවලින් පුටු කැඩෙන තුරු පහර දී ඇත.

තුවාල ලැබූ ගුරුවරයා ප්‍රතිකාර ලබද්දී කිලිනොච්චිය රෝහල් පොලීසිය අදාල ගුරුවරයාගෙන් ලබා ගත් කට උත්තර මත සිද්ධියට සම්බන්ධ සිසුන් 06 දෙනකු හඳුනාගෙන තිබෙනවා. පොලීසිය මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය දිසා විනිසුරු වෙත තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව එම සිසුන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කොට ඇත.

කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply