Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඇමෙරිකාව තරම් විශාල සහරාවට හිම වැටෙයි


සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකට හිම වැටී ඇතිබව වාර්තා වනවා.මෙම අතිශය දුර්ලභ සිදුවීමට හේතුවී ඇත්තේ වර්තමානයේ ලෝකය මුහුණ දෙන විපරිත කාලගුණ පෙරැළි යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කියා සිටින්නේ.
හිම පතනය වාර්තා වී ඇත්තේ උතුරුදිග ඇල්ජීරියාවෙන්.හිම පතනය සිදුවූ සහරා කාන්තාර ප්‍රදේශය අයත් වන්නේ අයින් සෙෆ්රා යන නගරයට නුදුරින් වන අතර නගර වැසියන්ට මෙම හිම පතනය නැවුම් අත්දැකීමක් බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
අයින් සෙෆ්රා උෂ්ණත්නවය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 35 ක් පමණ වන බවත් මේ වනවිට එය සෙල්සියස් අංශක 1 තෙක් පහළ වැටී ඇති බවත් ඇල්ජීරියානු කාලගුණ විද්‍යාඥයෝ පවසනවා.
අයින් සෙෆ්රා නගරයට අයත් සහරා කාන්තාරයෙන් මීට පෙර 2016 වසරේ ද හිම පතනයක් සිදුව තිබෙනවා.
අප්‍රිකා මහද්වීපයට අයත සහරා කාන්තාරය ලොව විශාලතම උණුසුමින් වැඩිම කාන්තාරය වන අතර ඇල්ජීරියාව, චැඞ්, ඊජිප්තුව, ලිබියාව, මාලි, මුරුෂානියා, මොරොක්කෝ, නයිගර්, සුඩානය සහ ටියුනීසියාව යන උතුරු අප්‍රිකානු රටවල් පුරා එය පැතිර පවතින්නක්.
සහරා කාන්තාරය වර්ග කිලෝ මීටර් 9,200,000 ක් පුරා පැතිර පවතින අතර එය ඇමෙරිකාව තරම් විශාල යැයි ද සඳහන්.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply