Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ළමා බිරිඳ එක්ක ලිංගිකව එක් වුණොත් සැමියාට වැඩ වරදියි

බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස බාල වයස්කාර විවාහ සම්බන්ධයෙන් විශේෂ තීන්දුවක් ලබාදී ඇත්තේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයයි.එහි දැක්වෙන්නේ යම්කිසි පුරුෂයෙක් විසින් තමන්ගේ බාලවයස්කාර බිරිඳ සමඟ ඇයගේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් ලිංගිකව එක්වීම දූෂණය කිරීමක් බවයි.
ඒ අනුව අදාළ තීන්දුවට අනුව ඒ පිළිබඳව අදාළ බාලවයස්කාරිය විසින් වසරක් ඇතුලත අධිකරණය වෙත පැමිණිලි කලයුතු වනවා.එලෙස පැමිණිල්ලක් සිදුකළහොත් සැමියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
කෙසේ වෙතත් ළමා විවාහ බහුලව සිදුකෙරෙන ඉන්දියාව වැනි රටක මෙවැනි නීතියක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
එසේ වුවද මෙම තීන්දුව කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ කාන්තා ක්‍රියාකාරීනියන්ගේ මහත් ඇගයීමට ලක්ව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply