Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » 'කටකාර - කොඩිකාර'ගේ ජෝකර් වැඩ !



මේ දවස්වල හිටපු ජනාධිපති කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දකුණු අත වගේ ඉන්නෙ මහරගම උපාලි කොඩිකාර. මහින්දගේ වටේ ඉන්න අය එයාව හඳුන්වන්නෙ මහාචාර්ය චාලි චැප්ලින් කියලා.
මේ ළඟදි ආචාර්ය උදය ශ්‍රී කාරියවසම්, ඔහුගේ නවතම කෘතිය 'යහපාලන මූලධර්ම හා එහි ශ්‍රී ලංකාවේ භාවිතාව' නමින් එළිදැක්වූවා. එහි ප්‍රධාන ආරාධිතයා වුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද මහත්තයා පොත එළිදැක්වීමේ උත්සවයට ඔහුගේ තනි නොතනියට එක්කන් ගිහිල්ලා තිබ්බෙත් උපාලි කොඩිකාර. කොඩිකාරව දැක්ක හැමෝම මූණට මූණ බලාගත්තාලු. පොල්තෙල් පහන පත්තු කරන වෙලාවෙ කොඩිකාර VIP අසුනක ඉඳගෙන කෑගහනවලු 'මේ අපේ සිසිර ජයකොඩි මන්ත්‍රීතුමාටත් ආරාධනා කරන්න' කියලා. කර්තෘතුමාට ඕනෑ අය නෙවෙයි, උපාලි කොඩිකාරට ඕනෑ අය තමයි අන්තිමට පොල්තෙල් පහන දල්වලා තියෙන්නෙ.
 
උත්සවයෙන් පස්සෙ ආරාධිත අමුත්තන්ට පවත්වපු තේ-පැන් සංග්‍රහයෙදි කතුවරයා උදය ශ්‍රී කාරියවසම් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කතා කර කර ඉන්නකොට කව්දෝ කෙනෙක් ඇවිල්ලා පිටට තට්ටු කරාලු. උදය ශ්‍රී හැරිලා බලපුවාම ඒ කොඩිකාරලු. 'කාරි, මට දැන් යන්න වෙනවා. තේ බොන්ඩ ඉන්න බෑ. මීටින් හය හතක්ම තියනවා අමතන්න. ඒක නිසා මම පරක්කු වෙන්නැතුව යන්න ඕන' කියලා කියනකොටම ලඟ හිටපු සංවිධායකවරයෙක් කොඩිකාරට කිව්වලු 'අපි ඔහෙට ආරාධනා කළේ නෑ නේ. ඒක නිසා පිස්සු කෙලින්නැතුව මෙතනින් යන්න' කියලා. ඒ පිළිතුරට ලැජ්ජ හිතිලා තියෙන්නෙ කොඩිකාරට නෙවෙයි හිටපු ජනාධිපතිතුමාටලු. එතුමා කිව්වලු 'ඔය යකා මම යන යන තැන මගේ පස්සෙන් එල්ලිලා එනවා. කරන්ඩ වැඩක් නැති එකෙක්. මම නැත්තං ඔය මනුස්සයාට වෙනින් කවුරුවත් පළාත් සභා ඇමතිකමක්වත් දෙයිද' කියලා.
 
උපාලි කොඩිකාර බස්නාහිර පළාත් සභාවේ ප්‍රවාහන ඇමති වෙච්ච මුල් කාලෙ, ශ්‍රී ලංකාවේ සුප්‍රකට ගේය පද රචකයෙක් වන සුනිල් ආර්. ගමගේ මහත්තයාව ලේකම් හැටියට පත් කරගෙන. ඒ මහත්තයා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් 'ආයුබෝ වේවා මහ රජාණෙනි' ගීතය රචනා කළේ. පත්වීම ලැබිලා මුල්ම රැස්වීමෙදි සුනිල් ආර්. ගමගේ මහත්තයාව හඳුන්වාදෙමින් කොඩිකාර කතාවක් පැවැත්තුවලු.
 
'අද දින සිට මගේ ලේකම් ලෙස ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සින්දු ලියන එක්කෙනෙක් වන සුනිල් ආරියරත්න වැඩ බාරගන්නවා' කියලා පවසනකොටම සභාවෙ හිටපු අය හැමෝම හොයලා තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්න කෝ කියලා. පස්සෙ, ප්‍රධාන මේසෙ හිටපු කෙනෙක් උපාලි කොඩිකාරට කිව්වලු 'නෑ ඇමතිතුමා, මේ සුනිල් ආරියරත්න නෙවෙයි සුනිල් ආර්. ගමගේ' කියලා. පස්සෙ කොඩිකාර කිව්වලු 'මට පොඩ්ඩක් වැරදුනා, මේ ඉන්නෙ සුනිල් ආරියරත්න නෙවෙයි සුනිල් ආරියගමගේ' කියලා. ඒකෙ වැරැද්ද කවුරුවත් හදන්න ගියේ නැතිලු.
 
මේ දවස්වල මහරගම ආසනයේ ශ්‍රීලංකාකාරයෝ සැනසුම් සුසුම් හෙළමින් ඉන්නෙ අභියාචනාධිකරණය මහරගම ඡන්ද පෙත්සම සවන්දීමකින් තොරවම ප්‍රතික්ෂේප කරපු කාරණයෙන්. ඒ ගැන බැසිල් වගේම පක්ෂෙ සභාපති ජී.එල්. පීරිසුත් ඉන්නෙ අප්‍රමාණ සන්තෝසෙකින් කියලා ආරංචියි.

- LNW

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply