container පතී සමුගනී... - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පතී සමුගනී...



"අහස්‌ ගව්වෙන්" සිනමා අඹරට පෑයූ වම් ඉවුරේ සිනමාකරුවා ආචාර්ය ධර්මසේන පතිරාජයන් ඊයේ (28 දා) ජීවිත සිනමාවෙන් සදහටම සමුගත්තේය.
 
 පතී... නමින් සිනමා ක්‌ෂේත්‍රයේ කාගේත් ප්‍රසාදයට ලක්‌ව සිටි පතිරාජයෝ වියෝවන විට හැත්තෑ පස්‌වැනි වියෙහි පසුවූහ. ඔහු උපන්නේ 1943 මාර්තු 28 දා මහනුවරදීය. 
 
 මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද පතී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකි. බෙංගාලි සිනමාව පිළිබඳ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් ධර්මසේන පතිරාජයන් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු පමණක්‌ නොව කවියෙකි, කෙටි කතා රචකයෙකි. ගී පද රචකයෙකි. එමෙන්ම චිත්‍රපට තිර නාටක රචකයෙකි.. ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකි.
 
 හංසවිලක්‌ චිත්‍රපටයේ "හෙමින් සැරේ පියා විදා..." ගීය පතීගේ රචනයකි.
 
 ධර්මසේන පතිරාජ සිනමාවට පිවිසෙන්නේ 1970 දී "සතුරෝ" නමින් කෙටි චිත්‍රපටයක්‌ නිර්මාණය කරමිනි. ඉන් වසර හතරකට පසුව ඔහු "අහස්‌ ගව්ව" අධ්‍යක්‍ෂණය කරමින් වෘත්තාන්ත සිනමාවට පිවිසේ.
 
 "එයා දැන් ලොකු ළමයෙක්‌" පතීගේ දෙවැනි චිත්‍රපටය වේ. මොස්‌කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නිළිය ලෙස මාලිනී ෙµdන්සේකා විශේෂ ඩිප්ලෝමා සහතිකයකින් පුද ලබන්නේ "එයා දැන් ලොකු ළමයෙක්‌" චිත්‍රපටයෙනි.
 
 ධර්මසේන පතිරාජයන් යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකුව සිටින කාලයේ ලද අත්දැකීම් ඔස්‌සේ "පොන්මනි" දමිළ චිත්‍රපටය නිර්මාණය කරන්නේ 1978 දීය.
 
 සිංහල සිනමාවේ කඩඉම් සලකුණක්‌ සටහන් කරමින් ධර්මසේන පතිරාජ 1978 දී "බඹරු ඇවිත්" චිත්‍රපටය නිර්මාණය කළේය. විජය කුමාරතුංග සහ මාලිනී ෆොන්සේකා ප්‍රධාන චරිත රඟන බඹරු ඇවිත්හි "හඳුනා ගත්තොත් ඔබ මා" ගීතය එදා මෙන්ම අදත් ජනප්‍රියව පවතී.
 
 ඉන් පසු පතී "පාර දිගේ", සොල්දාදු උන්නැහේ, වාසුළි, (තිරගත වූයේ නැත.) "මතුයම් දවස", "සක්‌කාරං" සහ "ස්‌වරූප" සිනමාවට ගෙන ආවේය.
 
 "කඩුල්ල" සහ "ඇල්ල ළඟ වළව්ව" ටෙලි නාට්‍යයද ධර්මසේන පතිරාජගේ නිර්මාණයන් වේ. "ගඟුලෙන් එගොඩට", "මායා මන්දිර", "පුරසක්‌මන", "සුබ අනාගතයක්‌", "දුර්ගාන්තය" ඇතුළු තවත් ටෙලි නිර්මාණ ගණනාවක්‌ ධර්මසේන පතිරාජ නිර්මාණය කළේය.
 
 කොරා සහ අන්ධයා (1971) සහ පුටු ද යන වේදිකා නාට්‍යවල තිර රචකයාද ධර්මසේන පතිරාජයන්ය.
 
 ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන ගණනාවකට හිමිකම් කී ආචාර්ය ධර්මසේන පතිරාජයන් යාපනය, රුහුණ, පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරයකු ලෙසද සේවය කළේය. පසුගිය කාලයේ ඔහු ශ්‍රී ලංකා ජනමාධ්‍ය පුහුණු ආයතනයේ සභාපති ධුරය හෙබවීය.
 
 දරු දෙදෙනකුගේ පියකු වූ ඔහු කලක සිට රෝගාතුර වී මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (28 දා) සවස්‌ යාමයේදීම මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි. ඒ මියගොස්‌ පැය විසිහතරක්‌ තුළ තම අවසන් කටයුතු සිදුකරන ලෙසට වූ පතිරාජයන්ගේ අවසන් කැමැත්ත ඉටුකරමිනි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply