Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලොව මිල අධිකම නිවස සෞදියේ ඔටුන්න හිමි කුමරුට


ලෝකයේ වඩාත්ම මිල අධිකම පෞද්ගලික නිවාසය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වූ වර්තමාන සෞදි රාජ්‍ය පාලනයේ දෙවැනියා වන මොහොමඩ් බින් සල්මාන් කුමාරයා විසින් පසුගියදා ප‍්‍රංශයේ අග නගරය පැරීසියට නුදුරු ඉව්ලින් ප‍්‍රදේශයේ ලූව්සිඑන් ග‍්‍රාමයෙන් යුරෝ මිලියන 275 ක් හෙවත් ඩොලර් මිලියන 300 කට මිලදී ගෙන තිබෙනවා.
ප‍්‍රංශයේ පිහිටි කොජෙමැඩ් නම් අධි සුපෝඛභෝගී මන්දිර ඉදිකර අලෙවි කරන සමාගම විසින් ඉදිකර ඇති මෙය ලෝකයේ දැනට වඩාත්ම මිල අධිකම නිවස ලෙස හදුන්වනවා.
පැරීසියට නුදුරින් පිහිටි විදේශීය සංචාරකයන් නැරඹීමට අමතක නොකරන ලෝක ප‍්‍රසිද්ධ 16 වැනි ලූවී රජතුමාගේ වර්සයිල් මාලිගාවේ ආකෘතියට සමාන ලෙස සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය භාවිතයෙන් නිම කළ මෙම මන්දිරය හෙක්ටයාර් 23ක් විශාල උද්‍යානයක් බඳු භූමියක් පුරා විසිරී තිබෙන්නක්.
නවීන තාක්ෂණයෙන් යුත් සුව පහසු සිනමා ශාලාවක්, දැවැන්ත මින් මැදුරක්, පිහිනුම් තටාක, මිල අධික පෞරාණික ලාම්පු ආවරණ, කිරි ගරුඬ පිළිම, රත්තරන් ආලේපිත වර්ණවත් කුළුණු, අතින් පින්තාරු කළ වටිනා බිතු සිතුවම්, පාලනය කළ හැකි වතුර මල් හා වෙනත් බොහෝ නිර්මාණ වලින් සමන්විත මෙම නිවසේ විශාලත්වය වර්ග මීටර 5000ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම මන්දිරය නම්කර ඇත්තේ 14 වැනි ලූවී රජුගේ නමින් බවයි සඳහන්.
2011 වසරේ සිට ඉදිකිරීම් ආරම්භ කළ මෙම මන්දිරය වසර 2017 දෙසැම්බර් මස හිමිකරුට භාර දෙන තුරු රහසක් ලෙස පැවැතුණ ද පසුගියදා ප‍්‍රංශ මාධ්‍ය විසින් ගැනුම්කරු ගැන තොරතුරු හෙළි කර තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply