Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ශරීර සෞඛ්‍යට හිතැති අයිස්‌ක්‍රීම් වර්ගයක්‌ නිපදවයි

වයස් භේදයකින් තොරව කා අතරත් ජනප්‍රිය ආහාරයක්‌ වන අයිස්‌ක්‍රීම් හෘද රෝග, ආඝාතය හා රුධිරගත කොලෙස්‌ටරෝල් මට්‌ටම ඉහළ නැංවීමට හේතුවන සංතෘප්ත මේදය (සැටුරේටඩ් ෆැට්‌‌) අධිකව අඩංගු ආහාරයක්‌ බව නොදන්නා කෙනෙක් නැහැ.
අයිස්‌ක්‍රීම්වල අඩංගු සීනි වලට වඩා ශරීර සෞඛ්‍යයට වැඩි බලපෑමක්‌ එල්ල වනුයේ මෙම අධික සංතෘප්ත මේදය හරහා බව වෛද්‍ය මතයයි.

මෙම තත්ත්වයට පිළියම් වශයෙන් සංතෘප්ත මේදය රහිතව අයිස්‌ක්‍රීම් නිපදවීමේ ක්‍රමයක්‌ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක වන මෙරෙට්‌ බෙගෙලන්ඩ් මන්ක්‌ විසින් අලුතින්ම සොයාගෙන ඇති බව පසුගියදා නිවේදනය කළා.

අයිස්‌ක්‍රීම්වල අඩංගු සංතෘප්ත එළවළු මේදය ඝන ස්‌වරූපයෙන් පවතින අතර මෙරෙට්‌ විසින් සකස්‌ කර ඇති අයිස්‌ක්‍රීම් නිපදවීමේ ක්‍රමය යටතේ අයිස්‌ක්‍රීම් නිපදවනුයේ අසංතෘප්ත මේදය සහිත (අන්සැටුරේටඩ් ෆැට්‌‌) දියරමය තත්ත්වයේ පවතින තෙල් බිංදු යොදා ගනිමිනුයි.

කෙසේ වුවත් අයිස්‌ක්‍රීම් ස්‌ථාවරව තබාගැනීම සඳහා පද්ධතියක්‌ තනා ගැනීම වැදගත් බැවින් නව ක්‍රමයට අයිස්‌ක්‍රීම් නිපදවීම සඳහා යොදා ගනු ලබන දියරමය තෙල් ඝන මේදය බවට පත්කර ගැනීම අවශ්‍ය යයි මෙරෙට්‌ පවසනවා.

මෙම නව අයිස්‌ක්‍රීම් නිපදවීමේ ක්‍රමය හරහා ශරීර සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද වාසි අත්වන බවයි ඇය කියා සිටින්නේ.

වර්තමානයේ සංතෘප්ත මේදය සහිත තෙල් යොදාගෙන නිපදවනු ලබන අයිස්‌ක්‍රීම් වර්ග බොහොමයක පාම් තෙල් අඩංගු වන අතර ලොව පුරා වැඩි දෙනෙකු පරිභෝජනය කරන එළවළු තෙල් විශේෂයක්‌ වන මෙය හරහා තෙත් කැලෑවල් විනාශ වීමෙන් සංරක්‌ෂණය කර ඇති ජීවී විශේෂවලට තර්ජනයක්‌ එල්ල වන බවද අනාවරණය වී තිබෙනවා.

 නව ක්‍රමයට අනුව අයිස්‌ක්‍රීම් නිපදවීමේදී භාවිත කරන තෙල් වර්ගය තෝරා ගැනීමේදී දේශීය වශයෙන් නිපදවනු ලබන තමන් සිටින ප්‍රදේශයට ආසන්නයේ පවතින තෙල් වර්ගයක්‌ තෝරා ගැනීමට අයිස්‌ක්‍රීම් නිෂ්පාදකයින් පියවර ගත යුතු බව මෙරෙට්‌ කියන්නේ.

මෙරෙට්‌ මෙම නවතම සංතෘප්ත මේදය රහිත අයිස්‌ක්‍රීම් නිපදවීමේ පර්යේෂණය මහා පරිමාණයේ ස්‌කැන්ඩිනේවියානු මේදය සැපයුම් ආයතනයක්‌ වන "AAK " ආයතනය සමඟ ඒකාබද්ධව කරගෙන යනවා.

ආචාර්ය මෙරෙට්‌ තම නවතම අයිස්‌ක්‍රීම් නිපදවීමේ තාක්‍ෂණය මෙම මස ඇතුළතදී නිෂ්පාදනයක්‌ බවට පත්කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply