Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » බුද්ධගයාව පිපිරවීමේ තැතක් 99න් වැලකෙයි

ඉන්දියාවේ – බුද්ධගයා විහාරස්ථාන භූමියේ තිබී අධි බලැති බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා.අංක 4 ක දොරටුව ආසන්නයේදී සහ තින්පත් මන්දිරය ආසන්නයේදී මෙම බෝම්බ දෙක පෙරේදා රාත්‍රියේදීයි ඉන්දියානු ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත්තේ.
බිහාර් ප්‍රාන්ත පොලීසිය පැවසුවේ මෙම එක් බෝම්බයක් කිලෝග්‍රෑම් 10 ක් පමණ බරකින් යුක්ත වන බවයි.ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයිලාමා මෙහි පූජාවක් අවසන් කර නික්මී සුළු වේලාවකට පසුවයි එම බෝම්බ හමුවී ඇත්තේ.
බුද්ධගයාවේ මාසයක් තිස්සේ පැවැත්වෙන කාල චක්‍ර පූජාව අතරතුර මෙම බෝම්බ හමුවී ඇති අතර, ඒ සදහා බුද්ධගයාවේ පිහිටි බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාර සත්‍යය පාල් මලික් ද සහභාගි වී ඇති බව සදහන්.
බෝම්බ හමුවීමේ සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර, පසුව ආරක්ෂක කැමරාවල දර්ශන උපයෝගි කර ගනිමින් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම බුද්ධගයාවේ ආරක්ෂාවට 3000ක පමණ පිරිසක් යොදවා තිබෙනවා.
මේ අතර ඉන්දියාවේ බුද්ධගයා මහාබෝධි විහාරස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන වන්දනාකරුවන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බව ඉන්දියානු මහාබෝධි සංගමයේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ ප්‍රකාශ කළේ පෙරේදා රාත්‍රියේ බුද්ධගයාවේ මහා බෝධි විහාරස්ථාන පරිශ්‍රයේ තිබී හමුවූ බෝම්බ දෙක ඉන්දියානු ආරක්ෂක අංශ විසින් නිෂ්ක්‍රිය කර ඒ අවට ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply