Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » වාහනේ සර්විස් කරගන්න හොඳම ප්ලේසස් 7 මෙන්න

වාහනයක් ගන්න එක අපි හැමෝගෙම හීනයක් කියන එක අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. අපි කොහොම හරි වාහනයක් ගත්තම කියමු. අන්න මහත්තයෝ එතන හිටං තමයි ගේම පටන් ගන්නේ. සර්විස් කරන්න, ක්ලීන් කරන්න, ටයර් මාරු කරන්න එක එක වැඩ කෝටියයි. එහෙම වාහනයක් අරගෙන සර්විස් එකක් දාලා තමන්ගේ හිතට දැනෙන විදියට වාහනේට සැපක් දෙන්න පුළුවන් තැන් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න අපේ අනිවා රිඩර්ස්ලා හරි කැමතියි කියලා අපි දන්නවා.
ඉන්ට්‍රෝ එකේ වැඩිපුර ඉන්නේ නැතුව අපි හෙමීට ඒ අදහස් හිතේ තියාගෙනම ෆස්ට් එකේ වාහනේ බස්සමු අපේ සර්විස් ප්ලේස් ලිස්ට් එකට එහෙනම් නේද?

1. Kleen Park
Vehicle Service Spots
Source – kleenpark.com
වාහන පිරිසිදු කිරීමේ ප්‍රවීණයන් වෙන Kleen Park ආරම්භ වෙන්නේ වසර 1988 දී ඒ ආයතනයේ හිමිකරු වන රන්ජන් රත්නසේන මහතා අතින්. Auto Detailing services ලංකාවට හඳුන්වා දීමේ ප්‍රමුඛයෙක් ලෙස ඔහුව හඳුන්වා දෙන්නට පුළුවන්. Kleen Park ආයතනයෙන් වාහනයේ ඇතුලත පිටත කල යුතු සියලුම ආකාරයේ පිරිසිදු කිරීම් සිට ලිහිසි තෙල් මාරු කිරීම දක්වා සියලුම ආකාරයේ කටයුතු ඔබට එකම වහලක් යටින් කරගන්නට හැකියාව තිබෙනවා.
TIP :
  • යන්නට කලින් ආයතනය අමතා වෙලාවක් වෙන් කරගන්න.
දුරකථනය : +94 114 512 612
විවෘතව තැබෙන්නේ : සඳුදා සිට සෙනසුරාදා උදේ 08:00 – සවස 05:00 දක්වා
ලිපිනය : 37, වාසල පාර, දෙහිවල.
ශාඛා : දෙහිවල , ජා ඇල, බොරලැස්ගමුව, ක්‍රෙස්කැට්
වෙබ් අඩවිය : http://www.kleenpark.com/
 

2. Carepoint
Vehicle Service Spots
Source – carepoint.lk
කෙයා පොයින්ට් වෙතට වාහනයක් එකවරක් පැමිණියොත් ඔවුන් නැවත වෙන සේවා ස්ථානයක් වෙත යන්නේ නැහැ, ඔවුන් ඒ තරමට තමන්ගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව සහ කැමැත්ත ගැන සොයා බලනවා. ලොව ඇති හොඳම පිරිසිදුකාරක උපක්‍රම සහ උපාංග යොදාගනිමින් ඔබේ අවශ්‍යතාව මැනවින් තේරුම් ගන්නා කෙයා පොයින්ට් කාර්ය මණ්ඩලය, ඔබ සේවා සඳහා රැගෙන යන වාහනය නැවත ඔබට දෙන්නේ අලුත්ම වාහනයක හැගීම සිතට දැනෙන පරිදි වීම විශේෂත්වයක්.
TIP :
  • යන්නට කලින් ආයතනය අමතා වෙලාවක් වෙන් කරගන්න.

දුරකථනය : +94 114 422 855
විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා උදේ 08:00 – සවස 06:00 දක්වා
ලිපිනය : රියලිටි ප්ලාසා, ජාඇල.
ශාඛා : ජා ඇල, මීගමුව, තලවතුගොඩ, නුගේගොඩ, මහරගම, වත්තල, ඇතුල් කෝට්ටේ
වෙබ් අඩවිය : http://www.carepoint.lk/
 
https://www.google.lk/search?q=carepoint&oq=carepoint&aqs=chrome..69i57j69i60j0l4.3055j0j4&sourceid=chrome&ie=UTF-8#q=carepoint&rflfq=1&rlha=0&rllag=6910936,79913990,7845&tbm=lcl&rldimm=3045925233106726055&tbs=lrf:!2m1!1e2!2m1!1e3!3sEAE,lf:1,lf_ui:2

3. Automiraj
Vehicle Service Spots
Source – automiraj.lk
වසර 1994 සිට සියලුම ආකාරයේ වාහන සේවාකිරීමේ ප්‍රවීණයින් වෙන ඔටෝ මිරාජ් ආයතනයට, ඔවුන් සතු විහිදුණු ශාඛා ජාලය නිසා බොහොම පුළුල් සේවාවක් ලබාදෙන්නට හැකියාව ලැබිල තිබෙනවා. කාර්යක්ෂම සේවක පිරිස, නව දැනුමින් යවත්කාලීන වීම. ඔබේ අවශ්‍යතාව සැනෙකින් තේරුම්ගෙන ඊට ක්ෂණික විසඳුම් ලබාදීම වගේ කාරණා නිසා ඔබට බොහොම පහසු මිල ගණන් යටතේ ඔවුන්ගේ සේවා ලබාගන්නට හැකියාව ලැබෙනවා.
TIP :  
  • යන්නට කලින් ආයතනය අමතා වෙලාවක් වෙන් කරගන්න.
  • HSBC ණය පතක් ඇතිනම් ඔබ ලබාගන්නා සේවා වලට මාස තුනක් දක්වා පහසු ගෙවීමේ කාලයක් ලබාගන්න පුළුවන්.

දුරකථනය : +94 115 742 218 / +94 115 766 041
ලිපිනය : 66 අත්තිඩිය පාර, රත්මලාන.
ශාඛා : අත්තිඩිය, දෙමටගොඩ, බේස් ලයින්, කටුබැද්ද, මහරගම, මොරටුව, ගල්කිස්ස, නාවල, පානදුර, පැපිලියාන, රත්මලාන, බණ්ඩාරවෙල, ගම්පොල
වෙබ් අඩවිය : http://www.automiraj.lk/
 

 



4. Laugfs Car Care
Vehicle Service Spots
Source – laugfscarcare.lk
ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගම් වලින් එකක් වෙන ලාෆ්ස් සමාගමේ රථවාහන අංශය ආරම්භ වෙන්නේ ඔවුන් ඉන්ධනහල් පිහිටුවන්නට මුලික වුනු අවස්ථාවේ සිටමයි. ලිහිසිතෙල් මාරුකිරීම, එන්ජිම පිරිසිදු කිරීම, ලෙදර් ආසන සේවා කිරීම, දිරුම් අලුත්වැඩියාව, රේඩියේටර් ද්‍රාවණ මාරු කිරීම, ස්කෑන් කිරීම වැනි සේවාවන් නව තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බැවින්. හදිසියකට හෝ ලාෆ්ස් වෙත යාමට දෙවරක් කල්පනා කලයුතු වන්නේ නැහැ.
TIP :  
  • යන්නට කලින් ආයතනය අමතා වෙලාවක් වෙන් කරගන්න.

දුරකථනය : +94 11 556 8080
විවෘතව තැබෙන්නේ : සඳුදා සිට සිකුරාදා උදේ 09:00 – සවස 05:00 දක්වා
ලිපිනය : නො. 101, මායා මාවත, කොළඹ 6
ශාඛා : දෙහිවල, මීගමුව, ඔරුගොඩවත්ත, හැව්ලොක්, මහරගම, කොහුවල, කොස්වත්ත, කිරුලපන, කුරුණෑගල.
වෙබ් අඩවිය : http://www.laugfscarcare.lk/
 
https://www.google.lk/maps/place/LAUGFS+Car+Care/@6.8856708,79.8635298,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25bcfa9545f2b:0x8cc196d3ce055d7f!8m2!3d6.8856708!4d79.8657185

5. BMS Service Center
Vehicle Service Spots
Source – bms.about.lk
තලංගම බත්තරමුල්ල ආසන්නයේ පිහිටා ඇති සුවිශේෂී පිරිසිදු කිරීමේ සේවයක් ලබාදෙන ස්ථානයක් වෙනවා නම් ඒ BMS ආයතනය හැරෙන්නට වෙන කිසිවක් නෙවෙයි. ලිහිසිතෙල් මාරුකිරීම, එන්ජිම පිරිසිදු කිරීම, රේඩියේටර් ද්‍රාවණ මාරු කිරීම, වැක්සින්, බඳ සේදීම් වැනි සේවාවන් බොහොම ඉක්මනින් ලබාගැනීමේ හැකියාවක් තිබෙන අතර ඒ සඳහා ඔවුන් අයකරන මිල ගණන් බොහොම සාධාරණ බවත් කියන්න ඕනේ.
TIP :
වෙලාව ගැටළුවක් නැහැ, විවෘතව ඇති ඕනෑම වෙලාවක පහසුවෙන් ඔබේ සේවා ඉටු කරගන්නට හැකියි.
දුරකථනය : +94 773 242 542
විවෘතව තැබෙන්නේ : සඳුදා සිට සෙනසුරාදා උදේ 08:30 – සවස 05:30 දක්වා
ලිපිනය : 400, තලංගම උතුර, තලංගම.
ශාඛා : නැත
වෙබ් අඩවිය : http://www.bms.about.lk/
 

6. Platinum Auto Spa
Vehicle Service Spots
Source – platinumautospa.lk
තමන්ගේ වාහනයේ යම් සේවාවක් සම්බන්ධයෙන් ඔබ සිතනවා නම් ඒ සිතන සේවා සියල්ලක් ම මෙතන තිබෙනවා කියලා නම් අපිට අනිවා ෂුවර්. මුළු ආයතනයේ කෙරෙන සේවා අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරලා දක්වන්න හැකියාව තිබෙනවා. ඒ Auto Spa , Service & Repair සහ Body Shop වශයෙනුයි. ඒ අනුව ඔබට වාහනය සාමාන්‍ය සේදීමක සිට අලුත්වැඩියා කිරීම් පමණක් නොව වාහනයට අලුතින් තීන්ත ආලේප කිරීම දක්වා සියලුම සේවා එකම වහලක් යටින් කරගන්නට බොහොම පහසුවෙන් මේ අපුරු සේවා ස්ථානයේදී හැකියාව ලැබෙනවා.
TIP :
  • ඒවාගේම carmudi.lk සමග එක්කාසු වී ඔවුන් සාමාජිකපත් නිකුත් කිරීමේ වැඩක් ආරම්භ කරලා තියෙනවා. ඔබටත් Platinum Auto Spa හි සාමාජිකයෙක් වීමෙන් බොහෝ වාසි අත්විඳින්නට හැකිවේවි.

දුරකථනය : +94 112 150 411
විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා උදේ 7.00 සිට සවස 7.00 දක්වා
ලිපිනය : 251, දෙහිවල පාර, බොරලැස්ගමුව
ශාඛා : ශාඛා නැත.
වෙබ් අඩවිය : http://www.platinumautospa.lk/
 

7. Mint Auto City
Vehicle Service Spots
Source – mintautocity.com
සියලුම ආකාරයේ වාහන සේදුම් කිරීම් කරන ආයතනයක් ඔබ සොයනවා නම් ඔබ යා යුත්තේ මින්ට් ඔටෝ සිටි වෙතයි. හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික්, සහ අනෙකුත් වාහන වර්ග සියල්ලම මෙහිදී විශේෂිත සුපරික්ෂාවන් යටතේ පිරිසිදු කිරීම් කරන අතර ඒවාට අවශ්‍ය අලුත්වැඩියා කටයුතුත් ඔබට මින්ට් ඔටෝ සිටි තුලින්ම කරගත හැකි වෙනවා.
TIP :
  • ඔවුන් EV මෝටර් වාහන සඳහා විශේෂිත සේවා සපයන බව සඳහන්. විශේෂයෙන් Nissan Leaf වාහන සඳහා ඔවුන්ගේ සේවය අද්විතීය බව සඳහන් වෙනවා.

දුරකථනය : +94 714 776 776
විවෘතව තැබෙන්නේ : සඳුදා සිට ඉරිදා උදේ 9.30 සිට සවස 6.30 දක්වා
ලිපිනය : 572, නුවර පාර, පට්ටිය හන්දිය, පෑලියගොඩ, කැළණිය
ශාඛා : ශාඛා නැත.
වෙබ් අඩවිය : http://www.mintautocity.com/
 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply