බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති පර්යේෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක විසින් ලබා ගත් ආකාරය පිළිබඳව අනාවරණය වී තිබෙනවා.
ඔහු මෙම පිටපත ලබාගෙන ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේයි.
මන්තී‍්‍රවරයා රුපියල් 5,000ක මුදලක් ජනාධිපති කාර්යාලයට ලබා දී බැඳුම්කර වාර්තාවේ පිටපතක් ලබා ගත් බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසීමක් කර ඇති අතර එහි දී ඔහු කියා ඇත්තේ බැඳුම්කර වාර්තාවේ මුද්‍රිත පිටපතක් ලබා දෙන්නේ රුපියල් 5,000ක මුදලකට බවයි.
එම මිල නියම කරනු ලැබ ඇත්තේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින්.
රවී කරුණානායක මන්තී‍්‍රවරයාට අමතරව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස, බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇතුළු 7 දෙනෙකු බැඳුම්කර වාර්තාවේ පිටපත් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් රවී කරුණානායක මන්තී‍්‍රවරයා එම වාර්තාව පිළිබඳ ඉකුත් දා අදහස් පළ කරමින් සඳහන් කළේ කොමිසමේ සැබෑ වාර්තාව තවම ඉදිරිපත් කර නොමැති බවයි.
ඒ පිළිබඳව තමා ආණ්ඩුවට අභියෝග කරන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර බැඳුම්කර වාර්තාව රවී කරුණානායක මන්තී‍්‍රවරයාට කඩිනමින් ලැබුණේ කෙසේදැයි මාධ්‍යවේදීන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ඊයේ විමසා සිටියා.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ “මම දන්නෑ කොහින් ලැබුණද කියලා.. දැන් රවී කරුණානායක කිව්වනේ එතුමගේ නමත් නැහැයි කියලා. නමක් නැත්නම් ජනාධිපතිවරයෙක් නිකං කියවයිද මං අහන්නේ.. මොනාද මේ කතා.” යනුවෙන්.
No comments: