Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මට හිඟන්නා කියලා මිලියන 500ක් ඉල්ලුවා – දැන් ඒක මට ගෙවපං (AUDIO)

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීම සම්බන්ධයෙන් තමා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගෙන් පසුගිය දා ප්‍රශ්ණ කිරීමේ දී ඔහු තමාට “හිඟන්නා”, “අහිකුණ්ටිකයා” ආදී වචනවලින් බැණ වැදුණු බව ඌව පළාත් ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සිහිපත් කළා.
විද්‍යාරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්ණකර සිටියේ පළාත් සභාව තුළ ප්‍රසිද්ධියේ එලෙස හැසිරුණ ප්‍රධාන අමාත්‍යවරයා, ඔහු විසින් දණගැස්සවූ ගුරුවරිය ඉදිරියේ කෙලෙස හැසිරෙන්නට ඇද්ද යනුවෙන්.
එමෙන්ම අපහාස කළ බව කියමින් ප්‍රධාන අමාත්‍යවරයා මිලියන 500ක වන්දියක් තමාගෙන් ඉල්ලූ නමුත් ඔහු විසින් තමාටත්, රටටත්, රාජ්‍ය සේවයටත් කළ අපහාසයට එම මිලියන 500 ප්‍රධාන අමාත්‍යවරයාගෙන්ම අයකර ගැනීමට තමා සූදානම් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply