Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සංස්ථාවේ තෙල් සොරා කෑ 4ක් කොටුවෙයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන සොරා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
සැකකරුවන් විසින් ඉතා සූක්ෂම ලෙස බවුසර් මඟින් ප්‍රවාහනය කරනු ලබන ඉන්ධන වලින් කොටසක් වෙනත් බවුසරයකට මාරු කර පසුව ඉතිරි තෙල් සඳහා නුසුදුසු දැවි තෙල් පිරවීම සිදුකර ඇති බව සඳහන්ය.
වසර දෙකකට ආසන්න කාලයක් සැකකරුවන් විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පොල, පේරාදෙණිය, රුවන්වැල්ල සහ හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (30) කොළඹ අංක හතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply