Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පෙබරවාරි මස 4 වැනි දාට ලංකාවට ආරාධිත අමුත්තෙක් එනවලු


70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහභාගි වීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ ෆිලිප් කුමරුගේ බාල පුතණුවන් වන එඩ්වර්ඩ් කුමරු වැසෙක්ස්හි අර්ල්වරයා යන නමින් හඳුන්වන අතර බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමිවන අනුපිළිවෙළ අනුව 9 වැන්නා ද වෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ විදේශ අමාත්‍යාංශය හරහා බ්‍රිතාන්‍ය රජ පවුල වෙත යවා ඇති ආරාධනා පත්‍රය පිළිගෙන ඇති බවයි.

1998 වර්ෂයේ පෙබරවාරි මස 4 වැනි දාට යෙදෙන සමරනු ලැබූ 50 වැනි නිදහස් දින උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ එළිසබත් රැජිනගේ වැඩිමහලු පුතණුවන් වන චාර්ල්ස් කුමරුය.

“එක් ජාතියක්“ යන තේමාව යටතේ පවත්වන ‍මෙවර නිදහස් දින උළෙල සඳහා තායිලන්තයේ සහ ජපානයේ රජ පවුල් වෙතද ආරාධනා යවා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply