container 25% පාර්ලිමේන්තුවේදී දෙන්න බැහැ කිව්ව පොහොට්ටුවට කාන්තාවන්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නෑ.. - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » 25% පාර්ලිමේන්තුවේදී දෙන්න බැහැ කිව්ව පොහොට්ටුවට කාන්තාවන්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නෑ..



නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ.
ඇය මේ බව ප්‍රකාශ කළේ, කටුනායක සීදුව නගර සභාවට සහ කටාන ප්‍රාදේශිය සභාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟ වදින අපේක්ෂිකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ 2018.01.21 පැවැති ජනහමු කීපයකට එක් වෙමිනි.එහිදි වැඩිදුරටත් ඇය සඳහන් කළේ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ පළාත් පාලන ආයතන වලට කාන්තා නියෝජනය වැඩි  කිරීම සඳහා ක්‍රියා කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී එය සම්මත කර ගැනීමට ඉඩ නොදී විරෝධය පල කළ ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකුට කාන්තාවන්ගෙන් ඡන්දය ඉල්ලීමට කිසිඳු අයිතියක් නැති බවයි.      
පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන ජනමත විචාරණයක් හෝ ආණ්ඩු මාරු කරන ඡන්දයක් නොවේ.ගමට මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සඳහා පවත්වනු ලබන මැතිවරණයක්. ගෙදර දොරේ කටයුතු මෙන්ම ප්‍රදේශයේ තිබෙන ප්‍රශ්න පිළිබදව හොඳ අවබෝධයක් තිබෙන්නේ කාන්තාවටයි. ඒනිසා තමයි පළාත් පාලන ආයතන වලට කාන්තා නියෝජනය වැඩි කරන්න අපි සටන් කෙරුවේ. රටේ ඒකීයභාවය මේ මැතිවරණයෙන් තීන්දු වෙනවා නම් මන්ත්‍රී ධුරය අතහැර හෝ ඒකීයභාවය ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එවැනි කිසිදු යෝජනාවකට  අත උස්සන්නේ නෑ.දේශපාලනය පිරිසිදු තැනකට ගේන්න අතිගරු ජනාධිපතිතුමාට ලොකු  වුවමනාවක් තියෙනවා .
අපි එතුමා සමඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදිහට රට නිවැරදි තැනකට ගේන්නට කැප වෙලා ඉන්නේ.බණ්ඩාරනායක මැතිතුමාගෙන් පසුව තමන්ගේ ආණ්ඩුවේම සිටින චෝදනාවට ලක් වූ ඇමතිවරුන් ඉවත් කිරීමට කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු තුනේ ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙල එතුමාගේ මූලිකත්වයෙන් ගෙන යන්නට එතුමා තීරණය කරලා තියෙනවා. දේශපාලනය සහ ආර්ථිකය නිසි මගට ගත් විට අපේ රට සමෘද්ධිමත් දේශයක් බවට පත්වෙනවා. ඒ සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයේදී එතුමාගේ නියෝජිතයා වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවා ගම දිනවා රට දිනවන්නට  එතුමාට අපේ ශක්තිය ලබා දෙන්නට අවශ්‍යයි.
සීදුව,මධ්‍යම කිඹූලාපිටිය,බටහිර කිඹුලාපිටිය,ඇත්ගාල,කදිරාණ ප්‍රදේශ වල මෙම ජනහමු පැවැත්වුණු අතර බස්නාහිර පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න මැතිතුමා සහ අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply