Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » Travel අපේ රටේ අසිරිය ජාත්‍යන්තරයට ගෙන ගිය ස්ටේෆිගේ අපූරු පින්තූර (photos)









අපේ රට කොච්චර ලස්සන වූවත් අපේ රටේ දේශපාලකයන්ට විතරක් නෙමෙයි, මිනිස්සුන්ටත් අපේ රට ගන වගේ වගක් නෑ..රටින් පිට වෙන්නම ඕනේ අපේ රටේ අගය ගැන මතක් වෙන..මේ පින්බර පොලොව, මේ පින්බර මාතෘ භූමිය පිළිබඳ පිටරටියන් බොහෝ සෙයින් අගය කරනවා. මේත් එහෙම කෙනෙක්.
නම ස්ටේෆි. ඇය ඇන්ඩොරා රටේ (Andorra la Vella, Andorra) පදිංචි රූමත් තරුණියක්. මෙම තරුණියගේ විනෝදාංශය තමයි රටවල් ගානේ සංචාරය කරන එක. ඉතින් ස්ටේෆි මෙදා සැරේ ඇගේ සංචාරයට තෝරාගෙන තිබුණ ශ්‍රී ලංකාව.
පසුගිය සැප්තැම්බර් 22 වන දා ලංකාවට පැමිණි ස්ටේෆි,මුලින්ම යන්නේ පින්නවල අලි අනාථාගාරයට. එසේ ඇගේ සංචාරය ආරම්භ කරන ස්ටේෆි මේ යන හැමතැනකම ලස්සන පින්තුරයක් ගෙන, ඇගේ ට්විටර් හා ඉන්ස්ටග්රම් ගිණුම් හරහා මුදාහරින්නේ එම රටවල් වල ලස්සන ඇයව ෆොල්ලොව් කරන මිතුරු මිතුරියන්ටද දැකගැනීම උදෙසාය.
ඉන්පසු ස්ටේෆි ඇගේ ගමනට සීගිරිය, දඹුල්ල, මහනුවර, නුවරඑළිය, කිතුල්ගල, ඇල්ල, වැලිගම මෙන්ම ඇය ශ්‍රී පාදය බලන්න යන්නත් අමතක කලේ නැහැ. මෙසේ දින 12 ක් පුරාවට ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඇය පලකල පින්තුරු වලින් පේනවා අපි මේ රටේ ඉපදෙන්න කොච්චර වාසනාවන්තද කියලා.
මොකද ඇය ගියපු තැන් හැම එකටම අපි ගිහින් නැති ව ඇති. අපිට වෙලා නැහැ. නැත්තන් අපි කැමති නැහැ. අපේ සමහර අයත් කැමති ඉතින් කොළඹ වටේ ඇවිදින්න සහ, නැත්තන් පිටරට ටුවර් යන්න. මේ පුංචි ලස්සන රටේ සුවය විඳින්න එක්කෝ අපි දන්නේ නැහැ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply