Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » SPORTSකෝලි ලංකාවෙන් පළි අරන්..? සධීරට හිතා මතා පන්දුවෙන් පහර දුන්නාද..? ඊයේ තරඟය උණුසුම් කළ සිදුවීම මෙන්න.. (VIDEO)


සංචාරක ශ්‍රී ලංකා කන්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අවසන් වන විට ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 356ක් රැස් කරගෙන සිටියේය.
සිය ටෙස්ට් දිවියේ දසවන ශතකය රැස් කළ නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලබාගත් ලකුණු 147ත්, මාස 28ට පසු ටෙස්ට් ශතකයක් රැස්කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිමත් (ලකුණු 111) අද දිනයේ කැපී පෙණන සිදුවීම විය.
කෙසේ වෙතත් වරෙක කඩුලු 5කට ලකුණු 317ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන්ගේ අපරීක්ෂාකාරී පහරවල් හේතුවෙන් ඉනිම නැවතත් දියාරු වී ගියේය.
කෙසේ වෙතත් පසු දිනයේ සිදුවූ මුඛවාඩම් සිදුවීම නිසා තරඟය වඩාත් උණුසුම් වී ඇති අතර ඉන්දීය මාධ්‍යයද මේ සම්බන්ධයෙන් ඉහළ ප්‍රචාරයක් දී තිබුණේය.තරඟය නවතා දැමීමේ වුවමනාවෙන් ශ්‍රීලංකා ක්‍රීඩකයන් මෙය හිතාමතා කළ දෙයක් බවට ඔවුන් චෝදනා කර තිබුණි.
ලොව වායු දූෂණය වැඩිම නගරයක් වන නව දිල්ලියේ අද දිනයේදීද එය ඉහළ තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර වායු ගුණාත්මක දර්ශකය අද උදෑසන වන විට 200 දක්වා ඉහළ ගොස් ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
අද දිනයේ ඉන්දියානු නායක විරාත් කෝලී හා සධීර සමරවික්‍රම අතර වූ සිදුවීමක්ද බෝහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබේ.එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply