Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » නිදහස් පක්ෂය ශක්තිමත් වීමට නම් හොරූ හිරගෙදරට යා යුතුයි..! (PHOTOS/VIDEO)


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා නම් ඒ සියලු දෙනාට විරුද්ධව නීතිමය කටයුතු කරනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හයිය, ශක්තිය අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්කමක් නෑ,කවුරුන් හෝ එහෙම කරනවා නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පක්ෂයේ සභාපතිවරයා ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා, ලේකම්වරයා ලෙස මට නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (14) අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ඉදිරි පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හමුවක් අමතමින්ය.එහිදී එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයාට බුලත් හුරුළුදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 07 නියෝජනය කරන ආසන සංවිධායකවරුන්, ඉදිරි පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් ඇතුළු අති විශාල පාක්ෂිකයින් පිරිසක් සහභාගී වූහ.












«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply