Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රජ පවුලට එක්වීමට නියමිත නූතන ඩයනාගේ නිරුවත් ජායාරූප අන්තර්ජාලයට - සූපවේදියෙකු හා පැවති සම්බන්ධයත් හෙළිවේ..! (PHOTOS/VIDEO)



මේ වනවිට ලොව බොහෝ දෙනෙකුගේ සුවිශේෂ අවධානය යොමුව ඇති කාන්තාව වන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලට එක්වන්න යන අලුත්ම කුමාරිකාව වෙතටයි.

ඇය මේගන් මාකල් නම් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උපත ලද සුරූපී තරුණියක්.

කෙසේ වෙතත් ඇය වෙතට මේ වනවිට නැවතත් බොහෝදෙනෙකුගේ විශේෂ අවධානය යොමුව ඇත්තේ අන්තර්ජාලය හරහා ඇයගේ නිරුවත් ඡායාරූප පෙළක් හුවමාරු වීමත් සමඟයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම ඡායාරූප ඇය විසින් රංගනයෙන් දායක වූ නිර්මාණ වල අන්තර්ගත අවස්ථා කිහිපයකදී ලබාගෙන ඇති ඡායාරූප බවයි.

රංගන ශිල්පිනියක් මෙන්ම මේගන් මාකල් නිරූපිකාවක ලෙස ද කටයුතු කර තිබීම විශේෂත්වයක්.

නමුත් රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු ඇයට රංගනයට සමුදීමට සිදු වනු ඇති.

ඒ අනුව රාජකීය පවුලට සම්බන්ධ වීමේදී පිළිපැදිය යුතු නීති රීති වලට අනුව ඇය ඉදිරියේදී සියලු සංවිධාන සහ ආයතන වලින් ඉවත්වනු ඇති.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරුණු අතර ඔවුන්ගේ විවාහය 2018 වසරේ සිදුකිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිධාරිණියක් වන ඇය හැරී කුමරු මෙන්ම මානව හිතවාදී කටයුතු වල නියැලෙන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

1981 අගෝස්තු මස 4 වෙනි දින උපත ලැබූ මේ නව රජ කුමරියගේ මව ඩොරියා රැග්ලන්ඩ් වන අතර ඇයගේ පියා වන්නේ තෝමස් වෙයින් මාකල්.

කාන්තාවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය පිළිබඳව අවස්ථා කිහිපයකදීම ලෝකයේ විශේෂ අවධානයට ලක්වූ ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් බොහෝ අවස්ථාවල පෙනී සිට තිබෙනවා.

චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ නළුවෙකු වූ ට්‍රෙවර් එන්ගල්සන් සහ මේගන් 2011 වසරේදී විවාහ වූ අතර එම විවාහයෙන් මේගල් 2013 වසරේදී වෙන්වී තිබෙනවා.

ඇමෙරිකානු ජාතික තරුණියක වන ඇය බ්‍රිතාන්‍ය රජ කුමරු හා විවාහ වුවද සාමාන්‍ය පරිදි බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගැනීමට දිගු කාලයක් බලාසිටීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් පරම්පරාවෙන් රාජකීය උරුමයක් නොමැති ඇය රජ පවුලට සම්බන්ධ වුවද ඇයට කුමාරියක් ලෙස හැඳින්විය නොහැකි අතර ඇයව හඳුන්වනු ඇත්තේ ආදිපාදවරියක් ලෙසයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඩයනා කුමරියට සමාන ගති පැවතුම් ඇති මේගල් හට මේ වනවිටත් ලොව පුරා සියල්ලන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ මේගල් කුමරිය යනුවෙන් බවයි.





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply